عَنِ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَنْ يَزَالَ المُؤْمِنُ فِي فُسْحَةٍ مِنْ دِينِهِ، مَا لَمْ يُصِبْ دَمًا حَرَامًا».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6862]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:
"දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයකු නීතිවිරෝධී ලෙස කිසිවකු ඝාතනය නොකරන තාක් කල් ඔහුගේ ආගම තුළ ඕනෑ තරම් විෂය පථයන් සොයාගනු ඇත"
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري - 6862]
දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුයකු නීතිවිරෝධී ලෙස මිනිසෙකු ඝාතනය කරන තෙක් ඔහුගේ දැහැමි ක්‍රියාවන්හි පුළුල් බව, අල්ලාහ්ගේ කරුණාවේ අපේක්ෂාව, අල්ලාහ්ගෙන් වූ සමාව යනාදී විෂය පථයන් තුළ සිටිනු ඇත. එසේ මිනිසෙකු ඝාතනය කළ විට, ඒ හේතුවෙන් ඔහුගේ ක්‍රියාවන් සීමා වේ. මක්නිසාද යත් එය මිනීමැරුම් බර සහ එහි මහා පාපය නිවා නොදමන බැවිනි.