عن عائشة رضي الله عنها مرفوعاً: «اللهم من وَلِيَ من أمر أمتي شيئاً، فشَقَّ عليهم؛ فاشْقُقْ عليه».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයාගේ කටයුතුවලින් යමක් භාරගෙන පසුව ඔහු ඔවුනට දුෂ්කරතා ඇති කළේ ද ඔහුට ද දුෂ්කරතා ඇති කරනු මැනව!”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මුස්ලිම්වරුන්ගේ කටයුතු අතරින් යම් කටයුත්තක් එය කුඩා වුව ද විශාල වුවද එය භාරගෙන පසුව ඔවුනට දුෂ්කරතා ඇති කරන තැනැත්තන්හට දැඩි අවවාදයක් මෙහි සඳහන් වී ඇත. එය එවැන්නන්ට එරෙහිව සැබැවින්ම අල්ලාහ් ඔහු කළ ක්රියාවේ වර්ගයෙන්ම ඔහුට ප්රතිඵල පිරිනමන මෙන් ඉල්ලමින් අල්ලාහ්ගේ දූතයාණන් ප්රාර්ථනා කිරිම තුළිනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ජනයාට දුෂ්කරතා අපහසුකම් ඇති කරන ප්රධානීන් හා ක්රියාකාරීන්හට දැඩි අවවාදයක් මෙහි සඳහන්ව ඇත.
  2. මුස්ලිම්වරුන්ගේ යම් කටයුත්තක් භාරව කටයුතු කරන්නා තමන්ට හැකි පමණින් ඔවුනට කාරුණිකව කටයුතු කිරීම අනිවාර්යය වේ.
  3. සැබැවින්ම ප්රතිඵලය අදාළ ක්රියාවේ වර්ගයෙන්ම පිහිටයි.