1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ඇරයුම සහ ස්වෙච්ඡා සේවය

නබි වදනක් අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරගෙන ඔවුන් වෙත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහුට එරෙහිව දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.

عن عائشة رضي الله عنها قَالَتْ: سَمِعْتُ رَسُولَ اللهِ -صَلّى اللهُ عَلَيْهِ وسَلَّم- يقُولُ في بيتي هَذَا: «اللهم من وَلِيَ من أمر أمتي شيئًا فَشَقَّ عليهم، فَاشْقُقْ عليه، ومن وَلِيَ من أمر أمتي شيئًا فَرَفَقَ بهم، فَارْفُقْ به».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මේ මාගේ නිවසේ හිද කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ වාර්තා කළාය. “අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරගෙන ඔවුන් වෙත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහුට එරෙහිව දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.”

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත

විවරණය

මෙම හදීසයේ භාරකාරත්වයේ බරපතලකම පිළිබඳ පැහැදිලි කර ඇත. කවරෙකු හෝ ජනයා අතර යම් කටයුත්තක් භාර ගෙන පසුව ඔවුනට පීඩා ඇතිවන පරිදි කටයුතු කරන්නේ ද ඒ හා සමානව ඔහු සමග අල්ලාහ් ද කටයුතු කරන මෙන් ද ඔහු ඔවුන් සමග යුක්ති ගරුකව, සාධාරණව, කරුණාවෙන් හා මෛත්රියෙන් කටයුතු කරන්නේ ද ඒ හා සමානව ඔහු සමග අල්ලාහ් කටයුතු කරන මෙන් ද නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කළහ. ප්රතිඵල ක්රියාවේ වර්ගයෙන්ම පිහිටනු ඇත.

අර්ථ කථන නිරීක්ෂණය

18 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
PT Português البرتغالية
TA தமிழ் التاميلية