+ -

عَنْ إِيَاسِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِي ذُبَابٍ رَضيَ اللهُ عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا تَضْرِبُوا إِمَاءَ اللَّهِ» فَجَاءَ عُمَرُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: ذَئِرْنَ النِّسَاءُ عَلَى أَزْوَاجِهِنَّ، فَرَخَّصَ فِي ضَرْبِهِنَّ، فَأَطَافَ بِآلِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نِسَاءٌ كَثِيرٌ يَشْكُونَ أَزْوَاجَهُنَّ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لَقَدْ طَافَ بِآلِ مُحَمَّدٍ نِسَاءٌ كَثِيرٌ يَشْكُونَ أَزْوَاجَهُنَّ، لَيْسَ أُولَئِكَ بِخِيَارِكُمْ».

[صحيح] - [رواه أبو داود وابن ماجه] - [سنن أبي داود: 2146]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉයාස් ඉබ්නු අබ්දිල්ලාහ් ඉබ්නු අබී දුබාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
''අල්ලාහ්ගේ සේවිකාවන්ට පහර නොදෙන්න.'' පසුව, ‘උමර් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණ මෙසේ පැවසීය: ''කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් කෙරෙහි ධෛර්ය සම්පන්න වී අකීකරු වී ඇත." එබැවින් ඔවුන්ට පහර දීමට අවසර ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ කාන්තාවන් අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුල් වටා පැමිණ තම ස්වාමිපුරුෂයන් ගැන පැමිණිලි කළහ. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ''බොහෝ කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් ගැන පැමිණිලි කරමින් මුහම්මද් තුමාණන්ගේ පවුල් වටා ගොස් ඇත. ඔවුන් (සැමියන්) ඔබ අතරින් හොඳම අය නොවේ.''

[පූර්ව සාධක සහිත හදීසයකි] - - [سنن أبي داود - 2146]

විවරණය

බිරියන්ට පහර දීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. පසුව මුඃමින්වරුන්ගේ පාලකයකු වන උමර් (රළියල්ලාහු අන්හු) තුමා පැමිණ මෙසේ පැවසීය. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් කෙරෙහි ධෛර්ය සම්පන්න වී ඇති අතර ඔවුන්ගේ සදාචාරය ද දූෂිත වී ඇත. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔවුන් සැමියාගේ අයිතිවාසිකම් ඉටු කිරීමෙන් වැළකී සිටීම, ඔහුට අකීකරු වීම යනාදී හේතුවක් දුටු විටෙක, තුවාල සිදු කිරීමකින් තොරව පහර දීමට අවසර ලබා දුන්හ. පසුව බොහෝ කාන්තාවන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියන් හමුවට පැමිණ තම ස්වාමිපුරුෂයන් තුවාල ඇති කරන තරමට පහර දෙන බව පැමිණිලි කළෝය. මෙම අවකාශය ක්‍රියාවට නැංවීමේ නපුරු ප්‍රතිඵල මෙය විය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: තුවාල වන තරමට කාන්තාවන්ට පහර දෙන ස්වාමිපුරුෂයන් ඔබ අතරින් දැහැමි අය නොවේ.

හදීසයේ හරය

  1. කාන්තාවන් සමග හොඳින් හැසිරීමේ මහිමය පැහැදිලි කිරීම. ඔවුන් සමඟ ඉවසිලිවන්තව කටයුතු කිරීම. එමෙන්ම ඔවුන් කරන දේ නොසලකා හැරීම ඔවුන්ට පහර දීමට වඩා හොඳ ය.
  2. පහර දීම, බහින්බස් වීමේ ප්‍රතිකාරයේ අවසන් අදියරය බවට අල්ලාහ් නියම කර ඇත. ඔහු මෙසේ පවසයි: "...ඔවුන්ගේ අඩදබර ගැන නුඹලා බියවන අය වනාහි ඔවුනට නුඹලා උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන් ව දුරස් කරනු. තවද ඔවුනට (තරවටු කිරීමක් වශයෙන්) ගසනු. ඉන්පසුව ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුන් කෙරෙහි (අයුක්තියක් කරන්නට) මඟක් නොසොයනු. සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර අති මහත් ය." මෙම කරුණු තුන අනුපිළිවෙලින් සිදු විය යුත්තකි. එකම වේලාවේ සියල්ල සිදු නොකළ යුතුය. පළමුව දේශනාව, උපදෙස මෙනෙහි කිරීම යනාදියෙන් ආරම්භ කළ යුතුය. එය ප්‍රයෝජනවත් වූයේ නම් සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. එය ප්‍රයෝජනවත් නොවූයේ නම් නිදියහනින් ඇය ව වෙන්කළ යුතුය. එය ද ප්‍රයෝනජවත් නොවූයේ නම් පළිගැනීමේ පහරදීමක් ලෙස නොව, විනය හැදීමක් ලෙස සුළු පහරක් දිය යුතුය.
  3. තම නිවසේ ගෘහ පාලකයා පුරුෂයයා. එබැවින් ප්‍රඥාව හා යහපත් උපදෙස් තුළින් ඔවුන් හසුරුවා ඔවුන්ගේ විනය සෑදිය යුතුය.
  4. තම තීන්දුව සම්බන්ධයෙන් විද්වතෙකුගෙන් උපදෙස් ලබා ගැනීමේ අවසරය. එය එහි ප්‍රතිවිපාක සහ ප්‍රතිඵල දැන ගනු පිණිසය.
  5. පැමිණිලිකරුට හානියක් සිදුවුවහොත්, ඔහු පාලකයාට හෝ විද්වතාට පැමිණිලි කිරීමට අවසර ඇත.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි ස්වාහිලි الرومانية المجرية الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර