عن أبي هريرة رضي الله عنه مرفوعاً: «أكمل المؤمنين إيمانا أحسنهم خلقا، وخياركم خياركم لنسائهم».
[حسن] - [رواه أبو داود والترمذي والدارمي وأحمد]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වඩාත් පූර්ණතම අය වනුයේ ඔවුන් අතර සිටින ගතිගුණවලින් වඩාත් අලංකාර අය වෙති. නුඹලා අතර උතුම් වනුයේ තම බිරියන්ට වඩාත් උතුම් වන අය වෙති.”
හසන් ගණයට අයත් හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
දේවත්වය විශ්වාස කරන්නන් අතර තරාතිරමින් වඩාත් උතුම් වනුයේ තම යහපත් සදාචාරයෙන් හැඩගැසුණු අය වෙති. ජනයා අතරින් සදාචාර සම්පන්නව කටයුතු කිරීමට වඩාත් සුදුසු අය වනුයේ බිරියයි. එමෙන්ම සදාචාර සම්පන්න භාවයෙන් වඩාත් අලංකාර වනුයේ තම බිරිය සමග වඩාත් යහපත් අයුරින් කටයුතු කරන්නාය.