عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا، وَخَيْرُكُمْ خَيْرُكُمْ لِنِسَائِهِمْ».

[حسن] - [رواه أبو داود والترمذي وأحمد] - [سنن الترمذي: 1162]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ තැනැත්තා නුඹලා අතර තම බිරියන් හට ශ්‍රේෂ්ඨ තැනැත්තාය."

[හසන් ගණයට අයත් හදීසයකි] - [رواه أبو داود والترمذي وأحمد] - [سنن الترمذي - 1162]

විවරණය

ජනයා අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා තම ගුණ යහපත් බවින් දැහැමි තැනැත්තාය යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඒ සිනහමුසු මුහුණින්, යහප හැසිරීමෙන්, හොඳින් කථා කිරීමෙන් සහ හිංසනය වැළැක්වීමෙන් වේ.
දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨතම තැනැත්තා නුඹලා අතර තම බිරියන්, දියණියන්, සහෝදර සහෝදරියන් හා හිතවතුන්ට ශ්‍රේෂ්ඨ තැනැත්තාය. ඊට හේතුව සැබැවින්ම මොවුන් යහපත් ගතිගුණවලින් ආශ්‍රය කිරීම සඳහා වඩාත් සුදුසුම තැනැත්තන් වන බැවිනි.

හදීසයේ හරය

  1. යහපත් ගතිගුණවල මහිමය. සැබැවින් ම එය ඊමාන් හෙවත් දේව විශ්වාසයෙන් එකකි.
  2. ක්‍රියාව ද ඊමානයෙන් වන්නකි. එය වර්ධනය වන අතර විටෙක හීන වී යයි.
  3. ඉස්ලාමය කාන්තාවට දක්වන ගෞරවය. ඇය සමඟ යහපත් ලෙස කටයුතු කිරීම සඳහා උනන්දු කරවීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (63)
අමතර