عن أبي أمامة إياس بن ثعلبة الأنصاري الحارثي رضي الله عنه قال: ذكر أصحاب رسول الله صلى الله عليه وسلم يوماً عنده الدنيا، فقال رسول الله صلى الله عليه وسلم: «ألا تسمعون؟ ألا تسمعون؟ إن البَذَاذَةَ من الإيمان، إن البَذَاذَةَ من الإيمان» قال الراوي: يعني التَّقحُّل.
[حسن لغيره] - [رواه أبو داود وابن ماجه وأحمد]
المزيــد ...

අබූ උමාමා ඉයාස් ඉබ්නු සඃලබා අල් අන්සාරී අල් හාරිසී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ සහගාමීහු එතුමා අබියස මෙලොව ගැන මෙනෙහි කළහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- “ඔබලා සවන් නොදෙන්නෙහුද? ඔබලා සවන් නොදෙන්නෙහුද? සැබැවින්ම චාම් ලෙස ඇඳුම් පැළඳුම් භාවිතය දේව විශ්වාසයෙන් යුක්තකි. සැබැවින්ම චාම් ලෙස ඇඳුම් පැළඳුම් භාවිතය දේව විශ්වාසයෙන් යුක්තකි.“ යැයි පැවසූහ.
හසන් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ මිතුරන් අතුරින් පිරිසක් මෙලොව ගැන කතාකරමින් සිටියෝය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔවුන් දෙස බලා “ඔබලා සවන් නොදෙන්නෙහුද? යැයි විමසූහ. එනම්, ඔබලා සවන් දෙනු යැයි පවසා එය නැවත නැවතත් ස්ථීරත්වය සඳහා ප්රකාශ කර සිටියහ. ඇදුමෙහි චාම් භාවයත් අලංකාරයත් දේව විශ්වාසවන්තයින්ගේ සදාචාරයෙන් වූවකි දේව විශ්වාසය ඒ වෙත දිරිගන්නක් වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර