+ -

عن عبد الله بن عمرو رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم قال:
«الدُّنْيَا مَتَاعٌ، وَخَيْرُ مَتَاعِ الدُّنْيَا الْمَرْأَةُ الصَّالِحَةُ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1467]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මෙලොව භුක්ති විඳින්නකි. මෙලොව භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ ධාර්මික කාන්තාවය."

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම මෙලොව වනාහි, එහි ඇති දෑ ටික කලකට භුක්ති විඳිනු ලබන අතර පසුව ඒවා ඉවත්ව යයි. සැබැවින්ම එසේ භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ දැහැමි කාන්තාවය. ස්වාමිපුරුෂයා ඇය වෙත බලන විට ඇය ඔහුව සතුටු කරයි. ඇයට අණ කළ විට ඇය අවනත වෙයි. ඇයගෙන් දුරස් වූ විට ඔහුව ඇය තුළ ආරක්ෂා කරන අතර ඔහුගේ ධනය ද ඇය ආරක්ෂා කරනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية القيرقيزية النيبالية اليوروبا الليتوانية الدرية الصومالية الكينياروندا الرومانية المجرية التشيكية المالاجاشية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අල්ලාහ් තම ගැත්තන්හට අනුමත කර ඇති මෙලොව යහපත් දෑ කිසිදු නාස්තියකින් හෝ වංචාවකින් තොරව භුක්ති විඳීමේ අනුමැතිය.
  2. දැහැමි බිරියක් තෝරා ගැනීම සඳහා උනන්දු කරවීම. හේතුව සැබැවින්ම තම පරමාධිපතිට අවනත වන සැමියාට ඇය සහකාරියක් වන බැවිනි.
  3. මෙලොව භුක්ති විඳින භාණ්ඩ අතරින් උතුම් වනුයේ අල්ලාහ්ට අවනත වීමේ දී වන දෑ හා ඒ සඳහා උපකාර කරන දෑය.
අමතර