عن عبد الله بن عمرو رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم قال:
«الدُّنْيَا مَتَاعٌ، وَخَيْرُ مَتَاعِ الدُّنْيَا الْمَرْأَةُ الصَّالِحَةُ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1467]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මෙලොව භුක්ති විඳින්නකි. මෙලොව භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ ධාර්මික කාන්තාවය."
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 1467]
සැබැවින්ම මෙලොව වනාහි, එහි ඇති දෑ ටික කලකට භුක්ති විඳිනු ලබන අතර පසුව ඒවා ඉවත්ව යයි. සැබැවින්ම එසේ භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ දැහැමි කාන්තාවය. ස්වාමිපුරුෂයා ඇය වෙත බලන විට ඇය ඔහුව සතුටු කරයි. ඇයට අණ කළ විට ඇය අවනත වෙයි. ඇයගෙන් දුරස් වූ විට ඔහුව ඇය තුළ ආරක්ෂා කරන අතර ඔහුගේ ධනය ද ඇය ආරක්ෂා කරනු ඇත.