عن أبي هريرة رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم : «إن الدين يسر، ولن يشاد الدين إلا غلبه، فسددوا وقاربوا وأبشروا، واستعينوا بالغدوة والروحة وشيء من الدلجة». وفي رواية: «سددوا وقاربوا، واغدوا وروحوا، وشيء من الدلجة، القصد القصد تبلغوا».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“සැබැවින්ම දහම සරලය. දහම අබිබවා යෑමෙන් මිස එය කිසිවිටෙක අසීරු වන්නේ නැත. එබැවින් තදින් පිළිපදිනු. සමීපයෙන් කටයුතු කරනු. ශුභාරංචි දන්වනු. උදේ සවස මෙන්ම රාත්රියේ කොටසක උදව් පතනු.” තවත් වාර්තාවක: "c2">“තදින් පිළිපදිනු. සමීපයෙන් කටයුතු කරනු. උදෑසන ද කටයුතු කරනු සවස ද කටයුතු කරනු අපේකාෂවෙන් යුතුව රාත්රියෙන් කොටසක ද කටයුතු කරනු. අපේක්ෂා සහගත වීමෙන් නුඹලා ලඟා වනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

ආගමික කටයුතු වලදී කිසිවකු හෝ ගිලී ඒ සියල්ල හෝ කොටසක් හෝ සිදු කිරීමට නොහැකි වන තරමට එහි ඇති සැහැල්ලුකම අතහැර නොදැමිය යුතුය. එබැවින් නුඹලා අතිශයෝක්තියෙන් තොරව මධ්යස්ථව කටුතු කරන්න. සමීපව කටයුතු කරන්න. එම ක්රියාව පූර්ණව ඉටු කළ නොහැකි වූයේ නම්, ඊට සමීපව කටයුතු කරන්න. ක්රියාව සුළු වුව ද අඛණ්ඩව නිරත වීමෙන් හිමිවන කුසල් පිළිබඳ ශුභාරංචි දන්වන්න. විවේකීව හා උන්න්දුවෙන් යුතුව නැමදුම් ඉටු කිරීම සඳහා උදව් පතන්න. නවවි තුමා මෙසේ පවසයි: මෙම වාක්යයේ උක්තය සඳහන් නොවන තාක් කල් ‘දහම’ යන පදය උක්තය ලෙස පවතී. ඇතැම් වාර්තාවල එය අනුක්ත ලෙස ද සඳහන් වී ඇත. එනම් ‘කිසිවෙක් දහම අසීරු කාර්යයක් ලෙස නොගත්තේ නම්.’ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ “එය අබිබවා යෑමෙන් මිස යන’ යන ප්රකාශය වනාහි, ඒ සඳහා බොහෝ මාර්ග ඇති බැවින් දහම ක්රියාත්මක කිරීමට ඇති දුෂ්කරතාව අපොහොසත් කර ඇති බව හා එය අබිබවා ගොස් ඇති බැවිණි. උදෑසන කටයුතු කිරීම යනුවෙන් නියෝග කර ඇත්තේ දහවල ආරම්භයේ ගමන් කිරීමය. සවස යනුවෙන් නියෝග කර ඇත්තේ දහවල් අවසන් කාලයේ ගමන් කිරීමය. රාත්රිය යනුවෙන් නියෝග කර ඇත්තේ එයට සාපේක්ෂව රාත්රියේ ගමන් කිරීමය. එසේ මුස්ලිම්වරයා ඍජු මාර්ගය මත ගමන් කිරීම උපමා කර ඇත්තේ ලෞකික කටයුතු වලදී ක්රියා කරන මිනිසෙකුට උපමා කරමිනි. එය ඔහු ගමන් කරන විට දහවල් දෙකෙළවරෙහි ගමන් කරයි. ස්වල්පයක් විවේක ගනී. ගමන් කිරීම රාත්රියේ පහසු කාර්යයකි. ඔහු වෙහෙස වූ විට, නැවතී විවේක ගනී. අල්ලාහ් වෙත ගමන් කරන්නා ද එලෙසය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර