عن سعيد بن المسيب عن أبيه المسيب بن حزن رضي الله عنه قال: "لما حضرَتْ أبا طالب الوفاة جاءه رسول الله صلى الله عليه وسلم وعنده عبد الله بن أبي أمية وأبو جهل، فقال له: يا عَمِّ قل لا إله إلا الله، كلمة أُحَاجُّ لك بها عند الله، فقالا له: أَتَرَغَبُ عن ملة عبد المطلب؟ فأعاد عليه النبي صلى الله عليه وسلم ، فأعادا، فكان آخر ما قال هو على ملة عبد المطلب، وأبى أن يقول لا إله إلا الله، فقال النبي صلى الله عليه وسلم : لأستغفرن لك ما لم أُنْهَ عنك، فأنزل الله: {مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِي قربى...} الآية"، وأنزل الله في أبي طالب: {إِنَّكَ لا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ}.
[صحيح] - [متفق عليه]
المزيــد ...

සඊද් ඉබ්නු අල්-මුසයියිබ් තුමා එතුමාගේ පියාණන් වන අල්-මුසෙයියිබ් ඉබ්නු හසන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් ලබා මෙසේ වාර්තා කරන ලදී. අබූ ලහබ්ට මරණය ළඟා වූ කල්හි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු වෙත පැමිණියේය. ඔහු අසළ අබ්දුල්ලාහ් ඉබ්නු අබූ උමය්යා හා අබූ ජහ්ල් සිටියෝය. එවිට එතුමා ඔහුට: "c2">“මාගේ මහප්පාණනි, ඔබ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යැයි පවසන්න. අල්ලාහ් අබියස ඔබට එය වඩාත් ප්රයෝජනවත් වදනක් වනු ඇත.” එවිට ඔවුන් දෙදෙනා ‘ඔබ අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙතින් ඉවත් වීමට අපේක්ෂා කරන්නෙහි ද? නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නැවතත් එතුමාට ඇරයුම් කළේය. පසුව ඔවුන් දෙදෙනාද එසේම ප්රතිචාර දැක්වූහ. ඔහු පැවසූ අවසාන ප්රකාශය ‘අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙත මත සිටින බවය. නමුත් ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පැවසීමට ප්රතික්ෂේප කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබෙන් මා වළක්වා නොසිටි තාක්කල් සැබැවින්ම මම ඔබට සමාව අයැද සිටිමි. එවිට අල්ලාහ් මෙම පාඨය පහළ කළේය. "c2">“නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාසවන්තයින්ට සුදුසු නොවීය.” එමෙන්ම අබූ තාලිබ් තුමා විෂයයෙහි අල්ලාහ් මෙසේ පහළ කළේය. “නියත වශයෙන්ම ඔබ ප්රිය කළ අයට ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අබූ තාලිබ් මරණාසන්නව සිටියදී ඔහුගේ සුවදුක් විමසීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහු වෙත ගියහ. එහිදී එතුමා ඔහුගේ ජීවිතයේ අවසානය ඔහුට ජයග්රහණය හා ප්රීතිය ගෙන දෙනු පිණිස ඔහුට ඉස්ලාමය ඉදිරිපත් කළහ. ඒකීයකරණයේ ප්රකාශය පවසන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියහ. නමුත් දේවත්වය ආදේශ කරන්නෝ ඔවුන්ගේ මුතුන් මිත්තන් පසුවන ආදේශ තැබීමේ පිළිවෙත මත රැඳී සිටීමට ඔහුට ඉදිරිපත් කළෝය. එය මෙම ප්රකාශය පෙන්වා දෙන දේව ආදේශය තුරන් කිරීම හා අල්ලාහ්ට අවංකව නැමදුම් කිරීම ඔවුනට දැනුවත් කිරීම සඳහාය. නැවතත් ෂහාදා වදන ප්රකාශ කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එතුමාගේ මහප්පාගෙන් ඉල්ලා සිටියේය. නමුත් දේව ආදේශකයෝ ප්රතික්ෂේප කරන මෙන් නැවතත් පවසා සිටියෝය. සත්යය ඔහුට අවහිර වීමටත් දේව ආදේශභාවයේම ඔහු මිය යන්නනට හේතුවක් බවට ඔවුහු පත් වූහ. ඒ අවස්ථාවේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කිරීම තහනම් නොකරන තෙක් අල්ලාහ්ගෙන් සමාව අයද සිටින්නට සපත කර ගත්හ. එය තහනම් කරමින් අල් කුර්ආනය පහළ විය. සැබැවින්ම යහමග පෙන්වීම අල්ලාහ්ගේ අතෙහි ඇති බවත් ඔහු අභිමත කරන අය එමගින් උසස් කරන බවත් පැහැදිළි කළේය. ඊට හේතුව සැබැවින්ම දැහැමි නොවන අයගෙන් ඒ සඳහා දැහැමි වන අය කවුරුන්දැ?යි දැනගනු පිණිසය. "c2">“නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාසවන්තයින්ට සුදුසු නොවීය.” එමෙන්ම අබූ තාලිබ් තුමා විෂයයෙහි අල්ලාහ් මෙසේ පහළ කළේය. "c2">“නියත වශයෙන්ම ඔබ ප්රිය කළ අයට ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය.”

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර