නබි වදන් ලැයිස්තුව

ගැත්තෙකු රෝගාතුර වූ විටක හෝ ගමනක යෙදුනු විටක ඔහු ආරෝග්යමත් පදිංචි කරුවෙකු ලෙස සිට ක්රියා කරන දෑ හා සමාන දැයක් ඔහුට ලියනු ලැබේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
(මා ගැන දන්නා) වදනක් හෝ වේවා, එය ඔබලා දන්වා සිටිනු. ඉස්රාඊල් දරුවන් ගැන කතා කරනු. වරදක් නැත. කවුරුන් මා වෙත උවමනාවෙන්ම බොරුවක් පැවසුවේද නිරාගින්නේ අසුන් ගන්නා ස්ථානයක් ඔහු වෙන් කර ගනිත්වා!
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. නුඹලාගේ මුතුන් මිත්තන් පවසන දෑ අතහැර දමන්න. ඔහු අපට සලාතය ඉටු කරන මෙන්ද සත්යය කතා කරන මෙන්ද නියෝග කරයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
(හජ් වන්දනාකරුවන් වන) ඔවුන්ගේ අවසන් ගිවිසුම දේව නිවස (තවාෆ් කිරීමත්) සමග විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මිනිසුනට නියෝග කළේය. නමුත් ඔසප් තත්වයේ පසු වන කාන්තාවට සහන සලසන ලදී.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
වටහා ගත හැකි සේ මිනිසුන් සමග ඔබ කතා කරන්න. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් බොරු කරනු ලැබීම ඔබ ප්රිය කරන්නෙහු ද?
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අබූ ලහබ්ට මරණය ළඟා වූ කල්හි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු වෙත පැමිණියේය. ඔහු අසළ අබූ උමය්යා හා අබූ ජහ්ල් සිටියෝය. එවිට එතුමා ඔහුට: “මාගේ මහප්පාණනි, ඔබ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යැයි පවසන්න. අල්ලාහ් අබියස ඔබට එය වඩාත් ප්රයෝජනවත් වදනක් වනු ඇත.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මිනිසාගෙන් වූ සෑම පුරුකකටම හිරු උදාවන සෑම දිනකම ඒ සඳහා දිය යුතු දානයක් ඇත: දෙදෙනෙකු අතර සමතය ඇති කිරීම දානයකි. මිනිසකු තම වාහනයේ නංවා ප්රවාහනය කිරීම හෝ ඒ මත ඔහුගේ බඩුබාහිරාදිය පටවා ගෙන යෑම ද දානයකි. ප්රිය වචනය ද දානයකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම දහම සරලය. දහම අබිබවා යෑමෙන් මිස එය කිසිවිටෙක අසීරු වන්නේ නැත. එබැවින් තදින් පිළිපදිනු. සමීපයෙන් කටයුතු කරනු. ශුභාරංචි දන්වනු. උදේ සවස මෙන්ම රාත්රියේ කොටසක උදව් පතනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මුහුණට පහර දීමත් මුහුණට පච්ච කෙටීමත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරිය තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු පුණ්‍යාධාර භාර නො ගනු ඇත
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා එහි මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඉබ්නු මස්උෟද් -රළියල්ලාහු අන්හු- තුමා සෑම බ්රහස්පතින්දාවකම අපට උපදෙස් දෙන්නට විය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම ඔබ සිතන දෑ ඔබට හිමිය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-දේශනාවක් කරමින් සිටියදී එතුමා වෙත මම පැමිණියෙමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතුරින් කිසිවකු සලාතය ඉටු කරමින් සිටිය දී අඩ නින්ද ඇති වූ විට ඔහුගෙන් නින්ද පහව යන තෙක් නිදාගනිත්වා.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දෙවිදුන්ට පමණක් ඉටුකළ යුතු යුතුකම් තමන් තමන්ගේ කායික මානසික ටද තමන් සතු භාරව ඉන්නාවූ පවුලේ සාමාජිකයින්ටද ඉටුකළ යුතුකම් අනිවාර්යවෙන් යම් බැතිමතෙකු නිසියාකාරව ඉටු කළ යුතුයි යැයි නබි තුමාණෝ පැවසීය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කතා කළ නොහැකි සත්වයින් සම්බන්ධයෙන් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්න. එහෙයින්, නුඹලා ඒ මත යහපත් අයුරින් ගමන් කරන්න. එමෙන්ම යහපත් අයුරින් එය අනුභව කරන්න.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම ඌ අපිරිසිදු සතෙකු නොවේ. ඌ නුඹලා සමග සැරිසරන්නන් හා සැරිසරන්නියන් අතුරින් වේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සිව්පාවුන් සිරකර තැබීම තහනම් කළ කළහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන් ගින්නේ හිමිකරු මිස, ගින්නෙන් දඬුවම් කිරීමට කිසිවකුට අවශ්ය නොවන්නේය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
බනූ මුකර්රින් ගෝත්රයෙන් හත් දෙනා අතුරින් හත්වැන්නා ලෙස මම මාව දුටුමි. එක් කාන්තාවක් හැර වෙනත් කිසිදු සේවකයෙක් අපට නොවීය. අප අතර සිටි බාල අයකු ඇයට කම්මුලට ගැසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇය නිදහස් කරන මෙන් අපට නියෝග කළහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ