1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ඇරයුම සහ ස්වෙච්ඡා සේවය

නබි වදනක් කතා කළ නොහැකි සත්වයින් සම්බන්ධයෙන් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්න. එහෙයින්, නුඹලා ඒ මත යහපත් අයුරින් ගමන් කරන්න. එමෙන්ම යහපත් අයුරින් එය අනුභව කරන්න.

عن سهل بن عمرو رضي الله عنه قال: مرَّ رسول الله صلى الله عليه وسلم ببعير قد لَحِق ظَهْرُه ببَطْنِهِ، فقال: «اتقوا الله في هذه البهائم المُعْجَمة، فاركَبُوها صالحة، وكُلُوها صالحة».

සහල් ඉබ්නු අම්ර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. තම පිට උදරය සමග ඇලී පැවති ඔටුවකු අසළින් අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ගමන් කළහ. එවිට එතුමා: ((කතා කළ නොහැකි සත්වයින් සම්බන්ධයෙන් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්න. එහෙයින්, නුඹලා ඒ මත යහපත් අයුරින් ගමන් කරන්න. එමෙන්ම යහපත් අයුරින් එය අනුභව කරන්න.)) යැයි පැවසූහ.

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත

විවරණය

දැඩි කුසගින්න හේතුවෙන් තම පිට උදරය සමග ඇලී පැවති ඔටුවකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දුටුහ. එවිට සතුන් සමග කරුණාවෙන් කටයුතු කරන මෙන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා නියෝග කළහ. නියත වශයෙන්ම මිනිසුන් උන් සමග කාරුණිකව කටයුතු කිරීම අනිවාර්ය වගකීමකි. උන්ට දැරිය නොහැකි බර උන් මත නොපැටවිය යුතුයි. උන් ආහාර ගැනීමේදී හා පානය කිරීමේ දී උන්ගේ උරුමය අඩු නොකළ යුතුයි. උන් මත ගමන් කළ යුත්තේ ගමන් කිරීමට සුදුසු තත්ත්වය ලැබුවායින් පසුවය. උන් ආහාරය සඳහා ගන්නේ නම් ඒ සඳහා සුදුසු අයුරින් පිහිටිය යුතුය.

අර්ථ කථන නිරීක්ෂණය

17 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
TA தமிழ் التاميلية