عن أبي الهياج الأسدي قال: قال لي علي رضي الله عنه : «ألا أَبْعَثُك على ما بَعَثَني عليه رسول الله صلى الله عليه وسلم ؟ أن لا تَدْعَ صُورَةً إلا طَمَسْتَها، ولا قَبْرًا مُشْرِفًا إلا سَوَّيْتَه».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

තමන්ට අලී (රළියල්ලාහු අන්හු) තුමා පැවසූ බවට අබූ අල්-හියාජ් අල්-අසදී තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මා කවර කරුණක් මත එව්වේ ද ඒ කරුණ මතම මා ඔබවත් යැවිය යුතු නොවේද?! යම් පින්තූරයක් වී නම් ඔබ එය විනාශ නොකර හෝ යම් ගෞරවනීය සොහොනක් වී නම් එය සමතලා නොකර හෝ අත් හැර නොදමනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

දෙවියන්ට ආදේශ තබන ක්රියාවන් රහිසිගත වුව ද ප්රකට වුවද ඒ වෙත මෙහෙයවන සියලුම දොරටු අවහිර කරන්නට ඉස්ලාමය උනන්දු කරවයි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් අලී (රළියල්ලාහු අන්හු) තුමාව රාජකාරියන් වෙනුවෙන් යැවූ බවත් එහිදී එතුමා ඔහුට මෙසේ නියෝග කළ බවත් අප වෙත දන්වා සිටියේය. එනම් ඔහු දකින පින්තූරු ඒවා අල්ලාහ්ගේ මැවීම්වලට සමාන කරන බැවින්ද ඒවාට ගරුබුහුමන් කිරීම හේතුවෙන් අර්බුද හටගන්නා බැවින් ද එහිදී පිළිම වන්දනාව වෙත යොමු කරන කරුණු ඇතුළත් වන නිසා ඒවා මකා දමන ලෙසයි. එමෙන්ම මිනි වළවල් මත ඉදි කර ඇති සොහොන් හෝ ආගමානුගත කළ ප්රමාණයට වඩා උසින් පිහිටා ඇති කොත් කඩා දමන මෙන් ද නියෝග කළේය. ඊට හේතුව එය උසස් භාවයට පත් කිරීම හේතුවෙන් ආදළ පුද්ගලයා අර්බුදයට පත් කරන බැවින් ද නැමදුමෙහි අල්ලාහ්ට හවුල් කරුවන් ලෙස ඒවා ඔවුන් ගන්නා බැවින් ද ඒවාට ගරුබුහුමන් කරන බැවින්ද එසේ නියෝග කළේය. එය මුස්ලිම්වරුන් තුළ ඉස්ලාමය රැදෙන්නටත් ඔවුන්ගේ ප්රතිපත්තීන් පිවිතුරු කිරීමටත් හේතු වන්නේය. පින්තූර ගත කිරීම හා මිනීවළවල් මත සොහොන් ඉදි කිරීම ඒවායෙහි නිලයට වඩා ඉහළින් ගරුබුහුමන් කිරීමටත් ගෞරවය කිරීමටත් ඔසවා තැබීමටත් මෙහෙයවන අතරම අල්ලාහ්ගේ අයිතිවාසිකම්වලින් එකක් ඒවාට පිරිනැමීමටත් මෙහෙය වනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. රූප තැනීමේ තහනම, සියලුම වර්ගයේ පින්තූරු ඉවත් කිරීමත් ඒවා මකා දැමීමත් අනිවාර්යය වේ.
  2. සත්යය පිළිබඳ එකිනෙකා උපදෙස් දීම, යහපත නියෝග කිරීම, අයහපතින් වැළැක්වීම හා දැනුම ප්රචාරය කිරීම.
  3. ඉදි කිරීමකින් හෝ වෙනත් යම් ආකාරයකින් හෝ මිනී වළවල් එසවීමේ තහනම. සැබැවින්ම එය දෙවියන්ට ආදේශ තබන මාධ්යයන් අතරින් එකක් වන බැවිනි.
  4. මිනීවළවල් මත ඉදි කර ඇති සොහොන් කොත් ඉවත් කිරීමේ අනිවාර්යයභාවය.
  5. මිනීවළවල් මත ඉදිකිරීම් මෙන් සැබැවින්ම රුව තැනීම දේව ආදේශය වෙත යොමු කරන මාධයයකි.
  6. ඉහත කී කරුණුවලට අමතරව මිනී වල්වල් මත විශාල දැන්වීම් දැමීම හෝ අලංකරණය කරමින් තීන්න ආලේපන කරන ලද කොඩි යෙදීම ද අධීක්ෂණය යටතට ඇතුළත් වන්නේය. අරාබි ජනයා අතර මෙය ‘නසාඉල්’ හෝ ‘නසාඉබ්’ යන නමින් හඳුන්වයි.
අමතර