عن ابن عباس رضي الله عنهما أن النبي صلى الله عليه وسلم مر عليه حمار قد وُسِمَ في وجهه، فقال:«لعن الله الذي وسمه». وفي رواية لمسلم أيضا: نهى رسول الله صلى الله عليه وسلم عن الضرب في الوجه، وعن الوسم في الوجه»
[صحيح] - [رواه مسلم]
المزيــد ...

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මුහුණෙහි පච්ච කොටන ලද බූරුවකු අසළින් ගමන් ගත්තේය. එවිට එතුමා: "c2">“කවරෙකු පච්ච කෙටුවේද අල්ලාහ් ඔහුට ශාප කරත්වා!” මුස්ලිම් ඉමාම් සතු තවත් වාර්තාවක: "c2">“මුහුණට පහර දීමත් මුහුණට පච්ච කෙටීමත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයේ සතුන්ගේ මුහුණෙහි පච්ච කොටන එමෙන්ම මුහුණට පහර දෙන අය විෂයයෙහි මෙම දැඩි අවවාදය හා බළවත් තහනම සඳහන්ව ඇත. එය මහා පාපයන්ගෙන් එකක් බව විද්වත්හු සළකති. එසේ තහනමට විද්වතුන් විසින් ඉදිරිපත් කරන හේතූන් වනාහි: සැබැවින් මුහුණ මෘදුය. සියලු අලංකාරයන් එක්රැස් වූ තැනකි. එහි ඇති අවයව ඉතා වටිනා මෙන්ම සියුම්ය. බොහෝ දෑ ග්රහණය කරනුයේ එමගිනි. නමුත් මුහුණට පහර දීම ඒවා ක්රියා විරහිත කරනු ඇත. ඒවායෙහි අඩුපාඩු සිදුවනු ඇත. මුහුණ විකෘති වනු ඇත. එහි විකෘති ඇති කිරීම දුෂ්ඨ ක්රියාවනි. ඊට හේතුව සැබැවින්ම එය සැගවිය නොහැකි බාහිරයේ ප්රදර්ශනය වන්නක් බැවිණි. එයට පහර දුන් විට බොහෝ විට එහි විකෘති භාවයෙන් ආරෝග්යමත් වන්නේ නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර