عنْ ابنِ مَسْعُودٍ رَضيَ اللهُ عنهُ قَالَ:
كُنَّا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ، فَانْطَلَقَ لِحَاجَتِهِ، فَرَأَيْنَا حُمَّرَةً مَعَهَا فَرْخَانِ، فَأَخَذْنَا فَرْخَيْهَا، فَجَاءَتِ الْحُمَرَةُ فَجَعَلَتْ تَفْرِشُ، فَجَاءَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «مَنْ فَجَعَ هَذِهِ بِوَلَدِهَا؟ رُدُّوا وَلَدَهَا إِلَيْهَا»، وَرَأَى قَرْيَةَ نَمْلٍ قَدْ حَرَّقْنَاهَا، فَقَالَ: «مَنْ حَرَّقَ هَذِهِ؟» قُلْنَا: نَحْنُ. قَالَ: «إِنَّهُ لَا يَنْبَغِي أَنْ يُعَذِّبَ بِالنَّارِ إِلَّا رَبُّ النَّارِ».

[صحيح] - [رواه أبو داود] - [سنن أبي داود: 2675]
المزيــد ...

ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා සමග ගමනක යෙදී සිටියෙමු. එවිට එතුමාණෝ එතුමාණන්ගේ අවශ්‍යතාවයක් සඳහා පිටත්ව ගොස් සිටියහ. පැටවුන් දෙදෙනෙකු සමඟ කුඩා කුරුල්ලෙකු අපට දක්නට ලැබුණි. අපි උගේ පැටුවුන් දෙදෙනා අරගත්තෙමු. එවිට එම කුඩා කුරුල්ලා ඉහළින් තටු විහිදන්නට පටන් ගත්තේය. එවිට නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණ: "මුගේ පැටවුන් පැහැරගෙන මූ වේදනාවට පත් කළේ කවු ද? මුගේ පැටවුන් මූට නැවත භාර දෙන්න" යැයි පැවසූහ. තවද එතුමාණෝ කුහුඹු ගම්මානයක් දුටුහ. එය ගින්නෙන් පුළුස්සා දමා තිබිණ. එවිට එතුමාණෝ 'මෙය පුච්චා දැමුවේ කවුදැ?'යි විමසූහ. එවිට අපි: 'අප' යැයි පිළිතුරු දුන්නෙමු. එතුමා: "ගින්නේ හිමිකරු මිස ගින්නෙන් දඬුවම් කිරීමට කිසිවකුට යුතු නැත" යැයි පවසා සිටියහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත] - [سنن أبي داود - 2675]

විවරණය

තමන් ඇතුළු පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා සමග ගමනක යෙදී සිටි බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙනෙහි කළේය. එහි දී එතුමාණන් එතුමාණන්ගේ අවශ්‍යතාවයක් සඳහා පිටත්ව ගොස් ඇත. එවිට පැටවුන් දෙදෙනෙකු සමඟ කුඩා කුරුල්ලෙකු ඔවුනු දැක උන් දෙදෙනා අරගෙන ඇත. එවිට එම කුඩා කුරුල්ලා තම පැටවුන් අහිමි වූ හේතුවෙන් ඉහළින් තටු විහිදන්නට පටන් ගෙන ඇත. එවිට නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණ මෙසේ පැවසූහ. "මුගේ පැටවුන් පැහැරගෙන මූ වේදනාවට පත් කළේ කවු ද?" "මුගේ පැටවුන් මූට නැවත භාර දෙන්න" යැයි නියෝග කළහ. පසුව ගින්නෙන් පුළුස්සා දමා ඇති කුහුඹු ගම්මානයක් එතුමාණෝ දුටුහ. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මෙය පුච්චා දැමුවේ කවුදැ?"යි විමසූහ. ඇතැම් සහගාමීහු 'අපි' යැයි පිළිතුරු දුන්හ. එවිට එතුමාණෝ ඔවුනට: "ගින්නේ මැවුම්කරු අල්ලාහ්ට මිස ජීවීයකු ගින්නෙන් පුළුස්සා දඬුවම් කිරීමට කිසිවකුට යුතු වන්නේ නැත" යැයි පවසා සිටියහ.

හදීසයේ හරය

  1. තම වැසිකිලි අවශ්‍යතාවයක දී අන් අයගෙන් මුවා වීම ආගමානුගත කරන ලද්දකි.
  2. සතුන්ට, උන්ගේ පැටවුන් පැහැර ගෙන වධ වේදනාවට ලක් කිරීමේ තහනම.
  3. කුහුඹුවන් හෝ කෘමීන් ගින්නෙන් පුළුස්සා දැමීමේ තහනම.
  4. සතුන් සමග කාරුණිකව හා ආදරයෙන් කටයුතු කිරීමට දිරි ගැන්වීම. ඒ සම්බන්ධයෙන් ඉස්ලාමය ඉදිරියෙන්ම සිටියි.
  5. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතුන්ට පෙන්වූ ආදරය.
  6. ගින්නෙන් දඬුවම් දීමේ අයිතිය සර්වබලධාරී අල්ලාහ්ට පමණක් විශේෂිත වූ කරුණකි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි තායිලන්ත ආසාමි الأمهرية الهولندية الغوجاراتية الدرية الرومانية المجرية Kannada الجورجية المقدونية الخميرية البنجابية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර