عن أبي هريرة رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «الحَلِفُ مَنْفَقَة للسلعة، مَمْحَقَة للكسب».
[صحيح] - [متفق عليه، وهذا لفظ أبي داود]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්රකාශ කරන ලදී. ‘දිවුරා සිටීම භාණ්ඩය ප්රවර්ධණය කරන නමුත් ඉපැයීම විනාශ කරන්නකි.’
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇති අතර මෙහි පද පෙළ අබූ දාවූද්ට අයත්ය.

විවරණය

භාණ්ඩය ප්රවර්ධනය කිරීම සඳහාත් ආදායම් අධික ලැබීම සඳහාත් නොසැලකිලි ලෙස දිවුරා සිටීම හා එය අධික ලෙස භාවිත කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අවවාද කර සිටියි. ව්යාපාරිකයකු බොරු පවසමින් එම භාණ්ඩය මත දිවුරා සිටින විට, ඔහු එසේ දිවුරා සිටි භාණ්ඩය විෂයයෙහි ඔහු සත්යවාදියෙකු යැයි සිතා පාරිභෝගිකයා එහි ඇති වටිනාකමට වඩා අධිකව ගෙවා මිලදී ගන්නට වෙළෙන්දාගේ දිවුරීමෙන් බලපෑමට ලක්ව ගනු ඇත. එබැවින් එහි අභිවෘද්ධිය විනාශ වීමෙන් ඔහු දඬුවමට ලක් වනු ඇත. ඇතැම් විට ලාභය සමගම ප්රාග්ධනය ද විනාශ වී යනු ඇත. නමුත් අල්ලාහ් අභියස ඇති දෑ ඔහුගේ පාපකම් හේතුවෙන් නොලැබී යන්නක් නොවේ. අධික ලෙස අල්ලාහ් මත දිවුරා සිටීම අල්ලාහ්ට ගරුබුහුමන් කිරීම හීන කරවයි. ඒකදේවත්වය විනාශ කර දමයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර