عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:
«أَتَدْرُونَ مَا الْغِيبَةُ؟»، قَالُوا: اللهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «ذِكْرُكَ أَخَاكَ بِمَا يَكْرَهُ»، قِيلَ: أَفَرَأَيْتَ إِنْ كَانَ فِي أَخِي مَا أَقُولُ؟ قَالَ: «إِنْ كَانَ فِيهِ مَا تَقُولُ فَقَدِ اغْتَبْتَهُ، وَإِنْ لَمْ يَكُنْ فِيهِ فَقَدْ بَهَتَّهُ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2589]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
එතුමාණෝ: "කේළම යනු කුමක්දැයි ඔබ දන්නෙහු ද?’ යැයි විමසා සිටියහ. ‘මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයා’ බව ඔවුහු පවසා සිටියෝය. එතුමාණෝ: ‘ඔබේ සහෝදරයා ගැන ඔහු පිළිකුල් කරන යමක් ඔබ මෙනෙහි කිරීමයි.’ යනුවෙන් පැවසූහ. ‘මා පවසන දෑ මාගේ සහෝදරයා තුළ වී නම් ඔබේ අදහස කුමක්දැ?’යි එතුමාණන්ගෙන් විමසන ලදී. එතුමාණෝ: ඔබ පවසන දෑ ඔහු තුළ තිබෙන්නේ නම්, සැබැවින්ම ඔබ ඔහු ගැන කෙළම් කියා ඇත්තෙහිය. එය නොවී නම් සැබැවින්ම ඔබ ඔහු ගැන අවලාදයක් නගා ඇත්තෙහිය.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2589]

විවරණය

තහනම් කරන ලද කේළමෙහි යථාර්ථය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කර සිටියි. මුස්ලිම්වරයකු නැති තැන ඔහු පිළිකුල් කරන ඔහුගේ සදාචාර ගුණාංග හෝ ශරීරයේ ගුණාංග අතරින් යමක් මෙනෙහි කිරීමය. උදාහරණ වශයෙන්: පොට්ටයා. වංචාකාරයා, බොරුකාරයා හා එවැනි නින්දා සහගත ගුණාංග ගැන කතා කරන්නාක් මෙනි. එම ගුණාංග ඔහු තුළ දක්නට ලැබුණ ද එලෙසමය.
එම ගුණාංග ඔහු තුළ දක්නට නොලැබුණේ නම්, එය කේළමට වඩා දරුණුය. එය ප්‍රබන්ධයකි. එනම්: මිනිසා තුළ නැති දෙයක් ගොතා පැවසීමකි.

හදීසයේ හරය

  1. ගැටළුව ප්‍රශ්ණයක ආකාරයෙන් ඉදිරිපත් කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඉගැන්වීමේ අලංකාර ක්‍රමය.
  2. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රශ්න කර සිටිය දී "මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වේ" යැයි ප්‍රතිචාර දක්වමින් එතුමාණන් සමග එතුමාණන්ගේ මිතුරු සහාබාවරු ක්‍රියා කළ අලංකාර විනය.
  3. විමසනු ලබන්නා නොදන්නා දෙයක් වී නම් "අල්ලාහු අඃලම්" (මැනවින් දන්නා අල්ලාහ් ය) යැයි ප්‍රකාශ කිරීම.
  4. ජනතාව අතර අයිතිවාසිකම් හා සහෝදරත්වය ආරක්ෂා කරමින් සමාජයට ලබා දෙන ආගමික ආරක්ෂාව.
  5. ඇතැම් අවස්ථාවලදී, යහපත වෙනුවෙන් හැර කේළම් කීම තහනම්ය. ඒ අතරින්: අයුක්තිය පිටු දැකීම ද එකකි. එය පීඩිතයා තමාට වැරදි කළ තැනැත්තා ගැන තම අයිතිය ලබා ගත හැකි තැනැත්තෙකු ඉදිරයේ සඳහන් කරන අවස්ථාවේ: මේ පුද්ගලයා මට මේ අපරාධය කළේය. මට මෙසේ සිදු කළේය යනුවෙන් පවසා සිටින පරිදිය. එමෙන්ම විවාහය, හවුල් ව්‍යාපාර වැනි කටයුතුවලදී සාකච්ඡා කිරීම ද ඉන් එකකි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
අමතර