عن أبي موسى الأشعري رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «إذا مَرِض العَبد أو سافر كُتِب له مثلُ ما كان يعمل مقيمًا صحيحًا».
[صحيح] - [رواه البخاري]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ගැත්තෙකු රෝගාතුර වූ විටක හෝ ගමනක යෙදුනු විටක ඔහු ආරෝග්යමත් පදිංචි කරුවෙකු ලෙස සිට ක්රියා කරන දෑ හා සමාන දැයක් ඔහුට ලියනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.
මිනිසකු ආරෝග්යමත්ව සිටිය දී මෙන්ම විවේකීව සිටිය දී දැහැමි ක්රියාවන් සිදු කිරීම ඔහුගේ සිරිතක් වී; පසුව ඔහු රෝගාතුර වීමෙන් එය ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වූ විටෙක, සැබැවින්ම ඔහු ආරෝග්යමත් තත්ත්වයේ සිටිය දී ඔහු කළ යහකම් මෙන් සම්පූර්ණ කුසල් ඔහුට ලියනු ඇත. එමෙන්ම එය වළක්වාලන ගමනක් හෝ ඔසප් තත්ත්වය මෙන් වෙනත් හේතුවක් වී නම් ද එලෙසමය.