عَن أَبِي سَعِيدٍ الخُدْرِيَّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِذَا وُضِعَتِ الجِنَازَةُ وَاحْتَمَلَهَا الرِّجَالُ عَلَى أَعْنَاقِهِمْ فَإِنْ كَانَتْ صَالِحَةً قَالَتْ: قَدِّمُونِي، وَإِنْ كَانَتْ غَيْرَ صَالِحَةٍ قَالَتْ: يَا وَيْلَهَا أَيْنَ يَذْهَبُونَ بِهَا؟ يَسْمَعُ صَوْتَهَا كُلُّ شَيْءٍ إِلَّا الإِنْسَانَ، وَلَوْ سَمِعَهُ صَعِقَ».
المزيد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ජනාසාව (මළ දේහය) තබනු ලැබ පිරිමින් ඔවුන්ගේ කර මත එය උසුලාගෙන යන විට එය යහපත් නම් එය මෙසේ පවසනු ඇත. "මාව ඉක්මන් කරන්න" එය යහපත් නොවී නම්, එය මෙසේ පවසනු ඇත. "අහෝ විනාශය! ඔවුන් මෙය ගෙන යන්නේ කොයිබට ද?" මිනිසා හැර සෙසු සියලු දෑ එහි හඬට සවන් දෙනු ඇත. මිනිසා එයට සවන් දුන්නේ නම්, ඔහු කම්පනයට පත්වනු ඇත."