عَنْ أَبِي هُرَيْرَةَ رَضيَ اللهُ عنه قَالَ:
جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: يَا رَسُولَ اللهِ، أَرَأَيْتَ إِنْ جَاءَ رَجُلٌ يُرِيدُ أَخْذَ مَالِي؟ قَالَ: «فَلَا تُعْطِهِ مَالَكَ» قَالَ: أَرَأَيْتَ إِنْ قَاتَلَنِي؟ قَالَ: «قَاتِلْهُ» قَالَ: أَرَأَيْتَ إِنْ قَتَلَنِي؟ قَالَ: «فَأَنْتَ شَهِيدٌ»، قَالَ: أَرَأَيْتَ إِنْ قَتَلْتُهُ؟ قَالَ: «هُوَ فِي النَّارِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 140]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත මිනිසෙකු පැමිණ, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසීය. එතුමා, "ඔබ ඔබේ ධනය ඔහුට නොදිය යුතුයි." යැයි පැවසූහ. ඔහු, "මා සමග අරගල කරන්නට වූයේ නම්, ඔබ කුමක් සිතන්නෙහිද?" යැයි විමසීය. එතුමා, "ඔබ ද ඔහු සමග අරගල කළ යුතුයි" යැයි කීහ. "ඔහු මා මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසීය. එවිට, "ඔබ ෂහීද් හෙවත් අල්ලාහ් වෙනුවෙන් දිවි පිදූ අයකු මෙන් වේ" යැයි පැවසූහ. මම ඔහු මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි ඔහු විමසුවේය. "ඔහු නිරයට අයත් කෙනෙකු වේ" යැයි එතුමාණෝ පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 140]
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත මිනිසෙකු පැමිණ මෙසේ පැවසීය: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහි ද? එතුමාණෝ, "ඔබ ඔබේ ධනය ඔහුට භාරදීමට හෝ පිරිනැමීමට හෝ ඔබ බැඳී නැත" යැයි පැවසූහ. ඔහු, "මා සමග ඔහු අරගල කරන්නට බලන්නේ නම්, ඔබ කුමක් සිතන්නෙහිද?" යැයි විමසීය. එතුමාණෝ, "ඔබ ද ඔහු සමග අරගල කිරීමට ඔබට අවසරය ඇත" යැයි පැවසූහ. ඔහු මෙසේ විමසීය: "ඔහු මා මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" එතුමාණෝ, "එවිට ඔබ ෂහීද් හෙවත් අල්ලාහ් වෙනුවෙන් දිවි පිදූ අයකු මෙන් වේ" යැයි පැවසූහ. ඔහු මෙසේ විමසීය: "මම ඔහු මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" එතුමාණෝ, "ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නේ දඬුවම් ලබන්නට සුදුස්සෙකු වීය" යැයි පැවසූහ.