+ -

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«كُلُّ سُلاَمَى مِنَ النَّاسِ عَلَيْهِ صَدَقَةٌ، كُلَّ يَوْمٍ تَطْلُعُ فِيهِ الشَّمْسُ يَعْدِلُ بَيْنَ الِاثْنَيْنِ صَدَقَةٌ، وَيُعِينُ الرَّجُلَ عَلَى دَابَّتِهِ فَيَحْمِلُ عَلَيْهَا أَوْ يَرْفَعُ عَلَيْهَا مَتَاعَهُ صَدَقَةٌ، وَالكَلِمَةُ الطَّيِّبَةُ صَدَقَةٌ، وَكُلُّ خُطْوَةٍ يَخْطُوهَا إِلَى الصَّلاَةِ صَدَقَةٌ، وَيُمِيطُ الأَذَى عَنِ الطَّرِيقِ صَدَقَةٌ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 2989]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මිනිසාගෙන් වූ සෑම පුරුකකටම හිරු උදාවන සෑම දිනකම ඒ සඳහා දිය යුතු දානයක් ඇත දෙදෙනෙකු අතර සමතය කිරීම දානයකි. මිනිසකුට තම වාහනයේ ඔහුව නංවාගෙන හෝ ඒ මත ඔහුගේ බඩුබාහිරාදිය පටවා ගෙන හෝ ඔහුට ප්‍රවාහන පහසුකම් සැලසීම ද දානයකි. ප්‍රිය වචනය ද දානයකි. සලාතය වෙත ගමන් කරන සෑම පියවරක්ම දානයකි. මාර්ගයේ ඇති හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 2989]

විවරණය

සෑම මුස්ලිම්වරයකුම තමන් වෙත පිරිනමා ඇති ආරෝග්‍යමත්භාවය සඳහාත් ඔහුගේ අස්ථි සන්ධි ‌මොලවීමට හා දිගු හැරීමට හැකි සේ නිර්මාණය කර තිබීම සඳහාත් අල්ලාහ්ට කෘතඥ වනු පිණිස ඔහුගේ අස්ථි සන්ධි අතරින් සෑම පුරුකක ප්‍රමාණයට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් අමතර දානයක් පිරිනැමිය යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. සැබැවින්ම එම දානය ඉෂ්ඨ වනුයේ සියලුම ආකාරයේ දැහැමි ක්‍රියාවන් තුළිනි. මුදල් පිරිනැමීමෙන් පමණක් සිදු නොවේ. ඒ අතරින්: දෙදෙනෙකු අතර මතගැටුම් ඇතිවන විට ඔවුන් අතර ඔබ යුක්තිය ඉටු කිරීම හා ඔවුන් අතර සමතයට පත් කිරීම දානයකි. අසරණ අයකු තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩුබාහිරාදිය ප්‍රවාහනය කරමින් ඒ සඳහා පහසුකම් සළසා දීම ද සදකාවකි. දික්ර් කිරීම, ප්‍රාර්ථනා කිරීම හා සලාම් පැවසීම වැනි යහපත් ප්‍රකාශය ද සදකා වේ. සලාතය සඳහා පය තබන සෑම පියවරක් තුළින් ද සදකාවක් ඇත. මාර්ගයේ හානිදායක දෑ ඉවත් කිරීම ද සදකාවකි.

හදීසයේ හරය

  1. මිනිස් අස්ථි හා සන්ධි එකිනෙකට ඇමිණී පිහිටීම උත්තරීතර අල්ලාහ්ගේ මහත් ආශිර්වාදයකි. එබැවින් ඒ සෑම අස්ථියක් සඳහා දානයක් පිරිනැමිය යුතු වේ. විශේෂයෙන්ම එම ආශීර්වාදය සඳහාම කෘතඥ පූර්වක විය යුතු ය.
  2. එම ආශිර්වාදය කාලය පුරාවටම පවතින බැවින්, සෑම දිනකම අලුතින් කෘතඥවීම සඳහා උනන්දු කරවීම.
  3. සෑම දිනකම අතිරේක නැමදුම් හා දානයන් නිරන්තරයෙන්ම ඉටු කිරීම සඳහා උනන්දු කිරීම.
  4. ජනයා අතර සමතය ඇති කිරීමේ මහිමය.
  5. මිනිසා තම සහෝදරයාට උදව් කිරීම සඳහා දිරි ගැන්වීම, සැබැවින්ම ඔහු ඔහුට උදව් කිරීම දානයක් වේ.
  6. සාමුහික සලාතයට සහභාගී වීමටත්, ඒ වෙත පා ගමනින් යාමටත්, එමගින් මස්ජිදය ගොඩනැගීමටත් දිරි ගැන්වීම.
  7. මිනිසුන්ට හානි දායක වන හෝ ඔවුනට පීඩා ගෙන දෙන දෑ වලින් ඉවත් වී ඔවුන්ගේ මාර්ගවලට ගරු කළ යුතුය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الدرية الصربية الصومالية Kinyarwanda الرومانية التشيكية الموري Malagasy Oromo Kannada الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර