عن عبد الله بن عبَّاس رضي الله عنهما قال: «أُمِرَ الناس أن يكون آخر عَهْدِهِمْ بالبيت، إلا أنه خُفِّفَ عن المرأة الحائض».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "c2">“(හජ් වන්දනාකරුවන් වන) ඔවුන්ගේ අවසන් ගිවිසුම දේව නිවස (තවාෆ් කිරීමත්) සමග විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මිනිසුනට නියෝග කළේය. නමුත් ඔසප් තත්වයේ පසු වන කාන්තාවට සහන සලසන ලදී.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මෙම ගෞරවනීය දේව නිවසට ගරුබුහුමන් කිරීමක් උත්කර්ෂයට නැංවීමක් ඇත. එය අල්ලාහ්ගේ ගැත්තන්ගේ සංකේතයයි. ඔහු අතර පවත්වා ගන්නා බිය බැතිමත්කම හා නිහතමානීකම වේ. ඒ සඳහා හදවත් තුළ බියක් සිත් තුළ කිර්තියක් සම්බන්ධතාවක් හා ආදරයක් පවතී. එබැවින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හජ් වන්දනාකරු ගමනට පිටත්වන්නට පෙර ඔහුගේ අවසාන ගිවිසුම ඒ සමග විය යුතු යැයි නියෝග කළහ. එය අවසන් තවාෆයයි. එය සමු ගැනීමේ තවාෆයයි. නමුත් ඔසප් කාන්තාවට හැර. ඇය එම මස්ජිදයට පිවිසීමේදී එහි අපිරිසිදු රුධිරය තැවරිය හැකි බැවින් කිසිදු ප්රතිකර්මයක් නොමැතිවම තවාෆ් කිරීම ඇයගෙන් ඉවත් කරනු ලැබ ඇත. මෙය හජ්හි සඳහන් ප්රකාශයයි. උම්රා සමග බැඳී නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර