عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«وَالَّذِي نَفْسِي بِيَدِهِ، لَيُوشِكَنَّ أَنْ يَنْزِلَ فِيكُمْ ابْنُ مَرْيَمَ حَكَمًا مُقْسِطًا، فَيَكْسِرَ الصَّلِيبَ، وَيَقْتُلَ الخِنْزِيرَ، وَيَضَعَ الجِزْيَةَ، وَيَفِيضَ المَالُ حَتَّى لاَ يَقْبَلَهُ أَحَدٌ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 2222]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරිය තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු පුණ්‍යාධාර භාර නො ගනු ඇත."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 2222]

විවරණය

මුහම්මද් තුමා‌ගේ පිළිවෙතට (නීතියට) අනුව මිනිසුන් අතර යුක්ති සහගතව විනිශ්චය කිරීම සඳහා මරිය තුමියගේ පුත් ඊසා තුමාගේ පහළවීම ඉතා සමීපයෙන් සිදුවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිවුරා පවසා සිටියි. සැබැවින්ම ඔහු කිතුනුවන් ගරුබුහුමන් කරන කුරුස කඩා දමනු ඇත. සැබැවින්ම ඊසා (අලයිහිස් සලාම්) තුමා ඌරන් මරා දමනු ඇත. සැබැවින්ම එතුමා ජිස්යා බදු අහෝසි කරනු ඇත. ඉස්ලාමය වෙත පිවිසෙන මෙන් මිනිසුන් සියලු දෙනාට බල කරනු ඇත. කිසිවකු දානය පිළි නොගන්නා තරමට ධනය ගලනු ඇත. එය ධනය අධික වීම හේතුවෙනි. කෙනෙකු අතෙහි ඇති දෑ තව කිසිවෙකුට අවශ්‍ය නො වනු ඇත. සමෘදිය පහළ වන අතර අඛණ්ඩව යහපත සැළසෙනු ඇත.

හදීසයේ හරය

  1. අවසන් කාලයේ ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පහළ වීම සහතික කිරීම. සැබැවින්ම එය අවසන් හෝරාවේ සළකුණකි.
  2. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත වෙනත් කිසිවකු විසින් වෙනස් කරනු නො ලැබේ.
  3. අවසන් කාලය වන විට ධන සම්පත්හි අභිවෘද්ධිය පහළ වනු ඇත. ඒ සමගම මිනිසුන් එයින් වැළකී සිටිති.
  4. අවසන් කාලයේ ඊසා (අලයිහිස් සලාම්) තුමා එමගින් විනිශ්චය කරන තරමට ඉස්ලාම් දහමේ පැවැත්ම අඛණ්ඩව පවතින බවට වූ ශුභාරංචිය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (55)
අමතර