උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

හිරු උදාවන උතුම් දිනය ජුමුආ දිනයයි. ආදම් මවනු ලැබුවේ එහිය. ස්වර්ගයට ඇතුළත් කරනු ලැබුවේ ද එහිය. ඉන් බැහැර කරනු ලැබුවේ ද එහිය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මා නුඹලාට අතහැර දැමූ දෑ ගැන (විමසීමෙන්) නුඹලා මා අත්හැර දමනු. නුඹලාට පෙර විසූවන් විනාශ කර දැමූවේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා නබිවරුන් පිළිබඳ ඔවුන් ඇති කරගත් ඔවුන්ගේ මතභේද වෙති. යමකින් මා නුඹලාව වැළැක්වූ විටෙක නුඹලා එයින් වැළකෙනු. යම් නියෝගයක් මා නුඹලා නියෝග කළ විටෙක නුඹලාට හැකි පමණින් එය ගෙන එනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරිය තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු පුණ්‍යාධාර භාර නො ගනු ඇත
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අහෝ අල්ලාහ් මාගේ ජනයාට සමාව දෙනු මැනව. හේතුව සැබැවින්ම ඔවුහු නොදනිති.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සකරිය්යා -අලය්හිස් සලාම්- තුමා වඩුවෙකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හූනන් මරා දමන මෙන් නියෝග කළහ. තවදුරටත් එතුමා, උෟ ඉබ්රාහීම් තුමාට එරෙහිව පිඹින්නෙකු විය යැයි පවසා සිටියහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ