عن أبي هريرة رضي الله عنه مرفوعاً: «خَيْرُ يومٍ طَلَعَتْ عليه الشمس يومُ الجُمعة: فيه خُلِقَ آدَم، وفيه أُدْخِلَ الجَنة، وفيه أُخْرِجَ منها».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“හිරු උදාවන උතුම් දිනය ජුමුආ දිනයයි. ආදම් මවනු ලැබුවේ එහිය. ස්වර්ගයට ඇතුළත් කරනු ලැබුවේ ද එහිය. ඉන් බැහැර කරනු ලැබුවේ ද එහිය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ දන්වා සිටියි: හිරු උදාවන දින අතරින් උතුම් දිනය ජුමුආ දිනයයි. අල්ලාහ් තම අතින් මැවූ මිනිස් පියාවන ආදම් ව මවනු ලැබුවේ එහිය. ඔහුව පසින් මැව්වේය. එය ජුමුආ දිනය විය. මිනිසා වාසය කරන්නට යන ‘මඃවා’ නම් ස්වර්ගයට ඔහුව ඇතුළත් කරනු ලැබුවේ ද එදිනය. අල්ලාහ් ඔහුව හා ඔහුගේ බිරියව එම ස්වර්ගයට ඇතුළත් කළේය. ස්වර්ගයෙන් බැහැර වන මෙන් අල්ලාහ් ඔහුට නියම කළේ ද ජුමුආ දිනයෙහිය. එය අවමානය සඳහා ඔහුව බැහැර කිරීමක් නොවීය. නමුත් එය අල්ලාහ්ගේ ප්රඥාවක් හේතුවෙන් එය ඔහුට නියම විය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර