عَنْ أَبِي هُرَيْرَةَ عَبْدِ الرَّحْمَنِ بْنِ صَخْرٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: سَمِعْت رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّم يَقُولُ:
«مَا نَهَيْتُكُمْ عَنْهُ فَاجْتَنِبُوهُ، وَمَا أَمَرْتُكُمْ بِهِ فَافْعَلُوا مِنْهُ مَا اسْتَطَعْتُمْ، فَإِنَّمَا أَهْلَكَ الَّذِينَ مِنْ قَبْلِكُمْ كَثْرَةُ مَسَائِلِهِمْ، وَاخْتِلَافُهُمْ عَلَى أَنْبِيَائِهِمْ».
[صحيح] - [رواه البخاري ومسلم] - [الأربعون النووية: 9]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කරමින් සිටි දෑට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා අබ්දුර් රහ්මාන් ඉබ්නු සහ්රි (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි:
"මම ඔබට කවර දෙයක් තහනම් කළේ ද ඉන් ඔබ වැළකී සිටිනු. මම ඔබට කවර දෙයක් නියම කළේ ද ඉන් ඔබට හැකි පමණින් ඉටු කරනු. ඔබට පෙර විසූවන් විනාශ වූයේ ඔවුන්ගේ අධික ප්‍රශ්න කිරීම් හා ඔවුන්ගේ වක්තෘවරුන් පිළිබඳව ඔවුන් තුළ තිබූ මතභේදය නිසාය."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه البخاري ومسلم] - [الأربعون النووية - 9]
අල්ලාහ්ගේ දූතයාණන් අපට යම් දෙයකින් වළක්වා ඇත්නම්, කිසිදු ව්‍යතිරේකයකින් තොරව ඉන් අපි වැළකී සිටිය යුතු බවත් එතුමාණන් අපට යම් ක්‍රියාවක් කරන මෙන් නියෝග කර ඇත්නම් අපට හැකි පමණින් එය අප ඉටු කළ යුතු බවත් එතුමාණෝ පැහැදිළි කළහ. පසුව පෙර විසූ ඇතැම් ජන සමූහයන් තම නබිවරුන්ට විරුද්ධ වී ඔවුන්ගෙන් අධික ලෙස ප්‍රශ්න කර සිටීම හේතුවෙන් විවිධාකාර විනාශයන් තුළින් අල්ලාහ් දඬුවම් කළ අය මෙන් අප ද නොවන ලෙස එතුමාණෝ අපට අවවාද කළහ. එබැවින් එසේ ඔවුන් විනාශ වී ගියාක් මෙන් අප ද විනාශ වී යන තරමට ඔවුන් මෙන් අප කටයුතු නොකළ යුතුය.