ප්‍රවර්ගය:
+ -

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إنَّ اللَّهَ طَيِّبٌ لَا يَقْبَلُ إلَّا طَيِّبًا، وَإِنَّ اللَّهَ أَمَرَ المُؤْمِنِينَ بِمَا أَمَرَ بِهِ المُرْسَلِينَ، فَقَالَ تَعَالَى: {يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنْ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا}، وَقَالَ تَعَالَى: {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ} ثُمَّ ذَكَرَ الرَّجُلَ، يُطِيلُ السَّفَرَ، أَشْعَثَ، أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إلَى السَّمَاءِ: يَا رَبِّ! يَا رَبِّ! وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِيَ بِالحَرَامِ، فَأَنَّى يُسْتَجَابُ لَذلك».

[صحيح] - [رواه مسلم] - [الأربعون النووية: 10]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. පිවිතුරු දෑ හැර වෙනත් කිසිවක් ඔහු පිළිගන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් ධර්ම දූතවරුන් හට කවර නියෝගයක් කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ටත් නියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත. "අහෝ ධර්ම දූතවරුණි, ඔබ පිවිතුරු දැයින් අනුභව කරන්න. දැහැමි කටයුතු සිදු කරන්න." තවදුරටත් අල්ලාහ් මෙසේ පවසා ඇත. "අහෝ දේවත්වය විශ්වාස කළවුනි, අප ඔබට පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ ඔබ අනුභව කරන්න." පසුව දිගු ගමනක නිරත වුනු, හිසකෙස් අවුල් වී ගිය, දූවිලි තැවරී ඇති මිනිසකු පිළිබඳ සිහිපත් කළහ. ඔහු තම අත් දෙක අහස දෙසට ඔසවා "අහෝ මාගේ පරමාධිපතියාණනි! අහෝ මාගේ පරමාධිපතියාණනි!" යැයි කණ්ණලව් කරයි. නමුත් ඔහුගේ ආහාරය හරාම් (තහනම් කරනු ලැබූවකි), ඔහුගේ පානය හරාම්, ඔහුගේ වස්ත්‍රය හරාම් ඔහු හරාමයෙන්ම පෝෂණය වී ඇත. එබැවින් එයට කෙසේනම් පිළිතුරු දෙනු ලබන්නේ ද?"

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [الأربعون النووية - 10]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය; පාරිශුද්ධය; සියලුම අඩුපාඩුවලින් තොර ය පූර්ණ භාවයන්ගෙන් හෙබි ය. පිවිතුරු දෑ මිස වෙනත් ක්‍රියාවන් හෝ ප්‍රකාශ හෝ විශ්වාසයන් හෝ ඔහු පිළිගන්නේ නැත. ඒවා අල්ලාහ්ට පමණක් විය යුතු අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මග පෙන්වීමට අනුගත විය යුතු ය. මෙමගින් හැර අල්ලාහ් වෙතට කිසිවෙකුට සමීප විය නොහැක. දේවත්වය විශ්වාස කරන්නා ළඟ තිබිය යුතු අති වැදගත් පිවිතුරු ක්‍රියාව වනුයේ ඔහුගේ ආහාරයේ පිවිතුරු භාවයයි. එනම් එය අනුමත අහරක් විය යුතු ය. ඒ සඳහා ඔහුගේ ක්‍රියාව පිවිතුරු විය යුතුය. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අනුමත ආහාර හා දැහැමි ක්‍රියාවන් අතරින් කවර කරුණක් සම්බන්ධයෙන් රසූල්වරුන්ට නියම කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත්තේ එබැවිනි. පසුව එතුමාණෝ “අහෝ දූතවරුනි, පිවිතුරු දැයින් අනුභව කරනු දැහැමි ක්‍රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය.” යන තේරුම දෙන (සූරතුල් මුඃමිනූන්හි 51 වැනි) පාඨය පාරායනය කළ අතර තවදුරටත් "අහෝ විශ්වාස කළවුනි, අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු” යන තේරුම දෙන (සූරතුල් බකරා හි 173 වැනි) පාඨය පාරායනය කර පෙන්වූහ.
පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ, ක්‍රියාව දූෂිත කරන, එය පිළිගැනීම වළක්වාලන තහනම් ආහාර සම්බන්ධයෙන් අවවාද කළ අතර, එය පිළිගැනීමට හේතු විය යුතු කරුණු කිහිපයක් ද ඉදිරිපත් කළහ.
පළමුව: හජ් වන්දනාව, ජිහාද් නම් අරගලය හා ඥාතී සම්බන්ධකම් රැකීම වැනි අල්ලාහ්ට අවනතවන කටයුත්තක් සඳහා දිගු ගමනක නිරත වීමය.
දෙවැන්න: හිසකෙස් පීරා ගත නොහැකි හේතුවෙන් එය අවුල් වී ගිය, දූවිලි හේතුවෙන් ඔහුගේ වර්ණය හා ඔහුගේ වස්ත්‍රයේ වර්ණය වෙනස් වූ කෙනෙකි. ඔහු හදිසි අවස්ථාවක පසුවන අයෙකි.
තුන්වැන්න: ඔහු ප්‍රාර්ථනා කිරීම සඳහා අහස දෙසට තම දෙඅත් ඔසවා ගනියි.
සිව්වැන්න: අල්ලාහ් වෙත ඔහුගේ නාම ආරෝපණය කර එහි දී අහෝ මාගේ රබ්, අහෝ මාගේ රබ් යැයි අවධාරණය කොට කණ්ණලව් කරයි.
මෙවන් හේතූ සාධක ඔහු සතුව තිබුණ ද ඔහුගේ ප්‍රාර්ථනාවට සවන් දෙනු නොලැබේ. ඊට හේතුව ඔහු ගත් ආහාරය, ඔහු පානය කළ පානය, ඔහු ඇඳ ඇති වස්ත්‍රය හරාම් හෙවත් තහනම් වූ බැවිනි. ඔහු හරාම් දැයින්ම වැඩී ඇත. මෙවන් ගුණාංග ඇති අයගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නේ නැත. මෙසේ තිබිය දී එය පිළිගනු ලබනුයේ කෙසේ ද?‍‍

හදීසයේ හරය

  1. සර්වබලධාරී අල්ලාහ් ඔහුගේ පැවත්ම, ඔහුගේ ගුණාංග, ඔහුගේ ක්‍රියාවන් හා ඔහුගේ නීතිය යනාදිය තුළ පරිපූර්ණත්වයෙන් හෙබි ය.
  2. සර්වබලධාරී අල්ලාහ්ට පමණක් අවංක ලෙසින් ක්‍රියාව පුද කරන මෙන් හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත අනුගමනය කරන මෙන් වූ නියෝගය.
  3. ක්‍රියාව දිරිමත් කරන දෑ යොදා ගැනීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: දූතවරුන් හට කවර කරුණක් නියෝග කළේ ද එයම දේවත්වය විශ්වාස කළවුන්ට ද අල්ලාහ් නියෝග කළේය. සැබැවින් මෙය දූතවරුන්ට කර ඇති නියෝග බව දේවත්වය විශ්වාස කරන්නා දැනගත් විටෙක ඔහු භක්තිමත් වී එය පිළිපැදීමට දිරිමත් වනු ඇත.
  4. ප්‍රාර්ථනාව පිළිගැනීමට බාධාවක් වනුයේ තහනම් දෑ අනුභව කිරීමය.
  5. ප්‍රාර්ථනාව පිළිගනු ලැබීම සඳහා හේතුකාරණා පහක් ඇත. ඒවායින් පළමුවැන්න: දිගු ගමනක නිරත වීම. එහි දුෂ්කරතා හා බිඳ වැටීම් ඇති බැවින් පිළිතුරු ලැබීමට වඩාත් වැදගත් හේතු කරණය එය වන්නේය. දෙවැන්න: බලපෑමට ලක්වීමය. තුන්වැන්න දෑත් අහස දෙසට එසවීමය. සිව්වැන්න: අල්ලාහ්ගේ පාලන බලය ගැන ‌නැවත නැවතත් මෙනෙහි කරමින් ඔහුගෙන් කණ්ණලව් කිරීමය. එය ද ප්‍රාර්ථනාව පිළිගනු ලැබීමට අවශ්‍ය වඩාත් වැදගත් හේතුවකි. පස්වැන්න. පිවිතුරු ආහාර පාන පරිභෝජනය.
  6. ධාර්මික ක්‍රියාවන් සඳහා සහය සපයන හේතු කාරණාව වනුයේ පිවිතුරු, අනුමත ආහාර පරිභෝජනය කිරීමය.
  7. අල්-කාළි තුමා මෙ‌සේ පවසයි: අත්-තය්යිබ් හෙවත් පිවිතුරු දෑ යනු අල්-හඃබීස් හෙවත් අපිවිතුරු දෑහි විරුද්ධ පදය වේ. උත්තරීතර අල්ලාහ් එමගින් ගුණ ගායනා කරනු ලබන විටෙක, සැබැවින්ම ඔහු සියලු අඩුපාඩුවලින් පිවිතුරු අයකු හා සියලුම අනර්තයන්ගෙන් පිරිසිදු අයකු ලෙස අපේක්ෂා කෙරේ. පොදුවේ ගැත්තා එමගින් වර්ණනා කරනු ලැබූ විටෙක, ඔහු දූෂිත සදාචාරයන්, පිළිකුල් සහගත ක්‍රියාවන් යනාදි දැයින් ඔහු මිදුනු බව අදහස් කෙරේ. එමගින් මුදල් සමග විස්තර කරනු ලැබූ විටෙක, එය ධනයෙන් වඩාත් ශ්‍රේෂ්ඨතම අනුමත දෑ බවට පත් වීම අපේක්ෂා කෙරේ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ඉන්දුනීසියානු බෙංගාලි තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු الأمهرية الغوجاراتية Kyrgyz النيبالية الليتوانية الدرية الصربية الطاجيكية Kinyarwanda المجرية التشيكية الموري Kannada الولوف Azeri الأوزبكية الأوكرانية الجورجية المقدونية الخميرية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර