عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لاَ تَقُومُ السَّاعَةُ حَتَّى تُقَاتِلُوا اليَهُودَ، حَتَّى يَقُولَ الحَجَرُ وَرَاءَهُ اليَهُودِيُّ: يَا مُسْلِمُ، هَذَا يَهُودِيٌّ وَرَائِي فَاقْتُلْهُ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 2926]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ඔබ යුදෙව්වන් සමග සටන් කරන තෙක් අවසන් හෝරාව ක්‍රියාත්මක වන්නේ නැත. ගලට පසුපසින් සැඟවී සිටින යුදෙව්වා ගැන එම ගල මෙසේ පවසයි. අහෝ මුස්ලිම්වරය, මට පසුපසින් යුදෙව්වෙකු සිටියි. ඔහුව නසා දමනු."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 2926]

විවරණය

මුස්ලිම්වරු හා යුදෙව්වන් එකිනෙකා සටන් කරන තෙක් අවසන් හෝරාව ඇති වන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. අවසානයේ එම යුදෙව්වා පළාගොස් මුස්ලිම්වරුන්ට නොපෙනෙන සේ ගලට පිටුපසින් මුවා වෙයි. අල්ලාහ් එම ගලට කතා කරන්නට සළස්වයි. එය තමන් පිටුපස සැඟ වී සිටින යුදෙව්වා මරා දමන තෙක් මුස්ලිම්වරයාව අමතමින් සිටියි.

හදීසයේ හරය

  1. ගුප්ත දෑ හා අනාගතයේ සිදුවන්නට යන දැයින් සමහරක් පිළිබඳ තොරතුරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටීම. එය උත්තරීතර අල්ලාහ් එතුමාණන්ට පෙනෙන්නට සැළැස් වූ බැවිනි. කිසිදු සැකයකින් තොර ව එය සිදුවනු ඇත.
  2. අවසන් කාලයේ දී මුස්ලිම්වරුන් යුදෙව්වන් සමග සටන් වදිනු ඇත. සැබැවින්ම එය අවසන් හෝරාවේ සළකුණකි.
  3. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඉස්ලාම් දහම ඉතිරිව පවතී. එහි පැවැත්ම සෙසු සියලු දහම්වලට ඉහළින් සිදුවෙයි.
  4. සතුරන්ට එරෙහිව මුස්ලිම්වරුන්ට හිමිවන අල්ලාහ්ගේ උපකාරය. ඒ අතරින් අවසන් කාලයේ දී ගලට කතා කරවීම ද එකකි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (65)
අමතර