+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لاَ تَقُومُ السَّاعَةُ حَتَّى يَمُرَّ الرَّجُلُ بِقَبْرِ الرَّجُلِ فَيَقُولُ: يَا لَيْتَنِي مَكَانَهُ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 7115]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ. "

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 7115]

විවරණය

මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'තමන් ඔහුගේ ස්ථානයේ මිය ගොස් සිටියා නම්' යැයි පවසා ඒ ගැන ආශා කරන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

හදීසයේ හරය

  1. අවසන් කාලයේ දී පාපකම් හා අර්බූද මතුවන බව නිරූපණය කිරීම.
  2. ප්‍රවේසම් වන මෙන් ද දේව විශ්වාසය හා දැහැමි ක්‍රියා සිදු කරමින් මරණය සඳහා සූදානම් වන මෙන් ද අර්බූද හා විපත්ති ඇති ස්ථානවලින් ඈත්ව සිටින මෙන් ද දිරි ගැන්වීම.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ඉන්දුනීසියානු උයිගුර් තුර්කි බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada الولوف Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර