عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ:
حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ الصَّادِقُ المَصْدُوقُ: «إِنَّ أَحَدَكُمْ يُجْمَعُ خَلْقُهُ فِي بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا، ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ، ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ، ثُمَّ يُرْسَلُ إلَيْهِ المَلَكُ فَيَنْفُخُ فِيهِ الرُّوحَ، وَيُؤْمَرُ بِأَرْبَعِ كَلِمَاتٍ: بِكَتْبِ رِزْقِهِ، وَأَجَلِهِ، وَعَمَلِهِ، وَشَقِيٍّ أَوْ سَعِيدٍ؛ فَوَالَّذِي لَا إلَهَ غَيْرُهُ إنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الجَنَّةِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إلَّا ذِرَاعٌ فَيَسْبِقُ عَلَيْهِ الكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ فَيَدْخُلُهَا، وَإِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إلَّا ذِرَاعٌ، فَيَسْبِقُ عَلَيْهِ الكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الجَنَّةِ فَيَدْخُلُهَا».
[صحيح] - [رواه البخاري ومسلم] - [الأربعون النووية: 4]
المزيــد ...
අබූ අබ්දුර් රහ්මාන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ පවසා සිටින ලදී.
"අල්ලාහ්ගේ දූතයාණෝ අපට මෙසේ දෙසූහ. එතුමාණෝ සත්‍යවාදියකු මෙන්ම සත්‍යවාදියෙකු ලෙස සහතික කරනු ලැබූ අයෙකි. "සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහුගේ මැවීම ඔහුගේ මවගේ කුස තුළ දින හතළිහක කාලයක එක්ළැස් කෙරෙයි. පසුව එය (කූඩැල්ලෙකුගේ ස්වරූපය ගත්) ලේ කැටියක් ලෙස ඒ හා සමාන කාලයක් පවතී. පසුව එය මස් කැබැල්ලක් ලෙස ඒ හා සමාන කාලයක් පවතී. පසුව ඒ වෙත මලක් හෙවත් සුර දූතයකු එවනු ලැබේ. ඔහු එහි ප්‍රාණය පිඹියි. එය ඔහුගේ පෝෂණය, ඔහුගේ ආයු කාලය, ඔහුගේ ක්‍රියාදාමය හා භාග්‍යවන්ත ද අභාග්‍යවන්තද යන වග සටහන් කරමින් කරුණු හතරක් නියම කරනු ලැබේ. ඔහු හැර වෙනත් දෙවියකු විය නොහැකි ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහු ස්වර්ග වාසීන්ගේ ක්‍රියාවන් අනුව ක්‍රියා කරනු ඇත. එය කෙතරම් ද යත් ඔහු හා ඒ අතර එක් බාහුවක තරම් ප්‍රමාණයක් පවතින තෙක්ම පිහිටයි. නමුත් ලියවිල්ල ඔහු ඉක්මවා ගොස් අපා වාසීන්ගේ ක්‍රියාවන්ට අනුගත වී කටයුතු කරයි. පසුව ඔහු එහි පිවිසෙයි. එමෙන්ම සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහු අපා වාසීන්ගේ ක්‍රියාවන් අනුව ක්‍රියා කරනු ඇත. එය කෙතරම් ද යත් ඔහු හා ඒ අතර එක් බාහුවක තරම් ප්‍රමාණයක් පවතින තරම්ම පවතී. නමුත් ලියවිල්ල ඔහු ඉක්මවා ගොස් ස්වර්ග වාසීන්ගේ ක්‍රියාවන්ට අනුගතව කටයුතු කරයි. පසුව ඔහු එහි පිවිසෙයි."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه البخاري ومسلم] - [الأربعون النووية - 4]
අල්ලාහ්ගේ දූතයාණෝ අපට මෙසේ ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. උත්තරීතර අල්ලාහ් එතුමාණන්ව සහතික කළ පරිදි එතුමාණෝ අවංක හා සත්‍යවාදියෙකු වූහ. එතුමාණෝ මෙසේ පැවසූහ: සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහුගේ මැවීම එක්කාසු කරනු ලැබේ. එනම් මිනිසෙකු තම බිරිය සමග සංසර්ගයේ යෙඳුණු විටෙක, විසිරී යන ඔහුගේ ශුක්‍රාණු එම කාන්තාවගේ කුසෙහි දින හතළිහක කාලයක් ශුක්‍රාණු බිඳුවක් සේ එක්කාසු වේ. පසු ව එය ලේ "අලකා" බවට පත් වේ. එනම් එය ඝණ රුධිර කැටියකි. එය දෙවන දින හතළිහේ අදියර වේ. පසුව එය "මුළ්ආ" බවට පත් වේ. එය හපන්නට හැකි තරමින් වූ මස් ගොබයකි. එය තුන්වන හතළිස්-දින අදියර වේ. පසුව අල්ලාහ් ඔහු වෙත මලක්වරයකු එවා තුන්වන හතළිහ අවසන් වූ පසු ආත්මයක් ඒ තුළට පිඹ රෝපණය කරයි. නියමයන් හතරක් ලියන මෙන් එම මලක්වරයාට නියෝග කරනු ලැබේ. එනම්: ඔහුගේ පෝෂණයයි. එය ඔහුගේ ආයුකාලය තුළ ඔහු ලබන සුව පහසුකම්වල සීමාවේ ප්‍රමාණයයි. ඔහුගේ ආයුකාලය, එනම් ඔහු මෙලොවෙහි නැවතී සිටින කාල පරිච්ඡේදයයි. ඔහුගේ ක්‍රියාව කුමක් ද? භාග්‍යවන්ත ද එසේ නැතහොත් අභාග්‍යවන්ත ද යනුවෙන් ලියනු ලැබේ. පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිවුරා මෙසේ පැවසූහ. "තැනැත්තෙකු ස්වර්ගවාසීන්ගේ ක්‍රියාව සිදු කරයි. ඔහුගේ එම ක්‍රියාව දැහැමි වේ. එනම් එය මිනිසුනට පෙනෙන දෑහි ය. එසේම ඔහු අතර හා ස්වර්ගය අතර එක් බාහුවක තරම් ප්‍රමාණයක් පවතින තරමට එය පත්වෙයි. එනම් ඔහු අතර හා ඔහු එයට පිවිසීම අතර දුර ප්‍රමාණය තමන් අතර හා මහපොළොවේ යම් තැනක් අතර බාහුවක තරම් ප්‍රමාණයක දුරින් සිටින කෙනෙකු මෙනි. පසුව ඔහුගේ ලේකනය හා ඔහු වෙත නියම කරන ලද දෑ එය අභිබවා යයි. පසුව ඔහු අපා ගින්නේ වැසියන්ගේ ක්‍රියාවක් එහි සිදු කරයි. ඒ සමගම ඔහු අවසන් ගමන් යයි, පසුව ඔහු අපා ගින්නට පිවිසෙයි. ඊට හේතුව එහි නොපෙරළී ඒ මත ස්ථාවර ව සිටීම ඔහුගේ ක්‍රියාව පිළිගැනීම සඳහා වන කොන්දේසිය වන බැවිනි. තවත් තැනැත්තෙකු අපා ගින්නට ළඟා වන තරමට අපා වාසීන්ගේ ක්‍රියාවන් සිදු කරයි. එය ඔහු අතර හා අපා ගින්න අතර මහපොළොවෙන් බාහුවක තරම් ප්‍රමාණක දුරින් ඔහු සිටිනවාක් මෙනි. අවසානයේ ලේඛනය හා ඔහු වෙත නියම කරනු ලැබූ දෑ අභිබවා ගොස් ඔහු ස්වර්ගවාසීන්ගේ ක්‍රියාවක් සිදු කර ස්වර්ගයට පිවිසෙයි.