නබි වදන් ලැයිස්තුව

කවරෙකුට අල්ලාහ් යහපත පතන්නේ ද එයින් ඔහුව පරීක්ෂාවට ලක් කරනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය ඔහු හො ඇය මත පාපය නොපිහිටන තත්ත්වයක අල්ලාහ්ව මුණ ගැසෙන තෙක් තමන් තුළ ද තම දරුවන් තුළ ද තම සම්පත් තුළ ද පරීක්ෂාවට ලක්වෙමින්ම සිටියි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මොර දී වැළපෙන්නාගෙන් ද හිස මුඩුගා වැළපෙන්නාගෙන් ද ඇඳුම් ඉරාගෙන වැළපෙන්නාගෙන් ද නිදහස් අයකු වූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය. අල්ලාහ් වෙත වඩාත් ප්රියමනාපය. සෑම දෙයකම යහපතක් ඇත. ඔබට ප්රයෝජනවත් වන දෑ කෙරෙහි ඇල්ම ඇති කර ගනු. අල්ලාහ්ගෙන් උදව් ඉල්ලනු. ඔබ දුර්වල නොවනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ උහුද් කන්ද මෙන් රත්රන් වියදම් කළ ද, ‘කද්ර්’ හෙවත් ඔබ පෙර නියමය විශ්වාස කරන තෙක් හා ඔබට අත් වූ දෑ ඔබට වැරදෙන්නට තිබූ දෙයක් නොවූවක් බවත් ඔබට වැරදුනු දේ ඔබට ලැබෙන්නට තිබූ දෙයක් නොවූවක් බවත් ඔබ වටහා ගන්නා තෙක් අල්ලාහ් ඔබෙන් එය පිළිගන්නේ නැත. මේ හැර වෙනත් තත්ත්වයක ඔබ මියයැදුණේ නම් ඔබ නිරා ගින්නේ වැසියන් අතරට පත් වනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම අල්ලාහ් මැවූ පළමු දේ පන්හිදය. පසුව ඔහු එයට: ලියනු යැයි පැවසීය. මාගේ පරමාධිපතියාණනි! මා ලිවිය යුත්තේ කුමක් දැයි එය විමසීය. අවසන් හෝරාව ක්රියාත්මක වන තෙක් පවතින සෑම දෙයකම නියමයන් ලියනු යැයි ඔහු පැවසීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා අතරින් කිසිවකු හෝ වේවා, අපා ගින්නෙන් වූ අසුනක් හෝ ස්වර්ගයෙන් වූ අසුනක් හෝ ඔහුට නියම කෙරී තිබෙනු මිස නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
යම් ප්රදේශයක කොළරා රෝගීන් පිළිබඳ ඔබ සවන් දුන් විට ඔබ එහි නොපිවිසෙනු. එය යම් ප්රදේශයක තිබී, ඔබද එහි සිටින්නෙහු නම් ඔබ එයින් බැහර නොවනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අද දිනට පසුව මාගේ සහෝදරයා වෙත නොඅඬනු.
عربي ඉංග්‍රීසි ප්‍රංශ