عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنهما قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«كَتَبَ اللهُ مَقَادِيرَ الْخَلَائِقِ قَبْلَ أَنْ يَخْلُقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِخَمْسِينَ أَلْفَ سَنَةٍ، قَالَ: وَعَرْشُهُ عَلَى الْمَاءِ».

[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අහස් සහ මහපොළොව මැවීමට වසර පනස් දහසකට පෙර අල්ලාහ් මැවීම්වල ඉරණම (පෙර නියමයන්) නියම කළේය. එතුමා තවදුරටත් මෙසේ පැවසීය: ඔහුගේ දේවාසනය ජලය මත විය."

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

ජීවිතය, මරණය, පෝෂණය හා මැවීම්වලට සිදුවීමට නියමිත සෙසු සියලු ඉරණම් පිළිබඳව සවිස්තරාත්මකව "ලව්හුල් මහ්ෆූල්" නම් ආරක්ෂිත ඵලකයේ, අහස් සහ මහපොළොව මැවීමට වසර පනස් දහසකට පෙර සර්වබලධාරී අල්ලාහ් ලියා ඇති බවත් අල්ලාහ් තීන්දු කළ දෑට අනුව ඒවා සිදුවන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ඒ අනුව පවතින සියලු දෑ අල්ලාහ්ගේ තීන්දුව හා පෙර නියමය අනුව ක්‍රියාත්මක වේ. ගැත්තාට සිදු වූ දෑ ඔහුට මඟ හැරෙන්නට තිබූ දෙයක් නොවීය. ඔහුට මඟ හැරුණු දෑ ඔහුට සිදුවන්නට තිබූ දෙයක් නොවීය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. "කළා" හෙවත් තීන්දුව හා "කද්ර්" හෙවත් ඉරණම හෝ පෙර නියමය ගැන විශ්වාස කිරීමේ අනිවාර්යය භාවය.
  2. කද්ර් යනු: කරුණු පිළිබඳ දැනුම, ඔහුගේ ලියවිල්ල, ඔහුගේ අභිමතය හා ඒවාට අනුකූල වූ ඔහුගේ මැවීමයි.
  3. අහස් සහ මහපොළොව මැවීමට පෙර ඉරණම හෝ පෙර නියමය ලියා ඇති බවට වූ විශ්වාසය තෘප්තිය හා යටත් වීම ගෙන දෙනු ඇත.
  4. මහා කාරුණිකයාණන්ගේ දේවාසනය අහස් හා මහපොළොව මැවීමට පෙර ජලය මත විය.
අමතර