عَنْ طَاوُسٍ أَنَّهُ قَالَ: أَدْرَكْتُ نَاسًا مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، يَقُولُونَ كُلُّ شَيْءٍ بِقَدَرٍ، قَالَ: وَسَمِعْتُ عَبْدَ اللهِ بْنَ عُمَرَ رضي الله عنهما يَقُولُ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«كُلُّ شَيْءٍ بِقَدَرٍ، حَتَّى الْعَجْزِ وَالْكَيْسِ، أَوِ الْكَيْسِ وَالْعَجْزِ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2655]
المزيــد ...

තාවුස් තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සහගාමීන් අතර පිරිසක් සෑම දෙයක්ම පෙර නියමය අනුව සිදුවන බවට පවසමින් සිටිනු මම දැක ඇත්තෙමි. එතුමා තවදුරටත්, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයක් ගැන අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් පවසා සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි කීහ. එනම්:
සෑම දෙයක්ම පෙර නියමය අනුව පිහිටයි. නොහැකියාව සහ හැකියාව පවා නැතහොත් හැකියාව සහ නොහැකියාව පවා (එලෙසය.)

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2655]

විවරණය

සෑම දෙයක්ම පෙර නියමය අනුව සිදුවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. නොහැකියාව පවා එලෙසය, එනම්: මෙලොව හා මතුලොව කටයුතු සම්බන්ධයෙන් කළ යුතු දෑ අත්හැරීම, එය කල් දැමීම හා එහි නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීමය. හැකියාව පවා එලෙසය, එනම්: මෙලොව හා මතුලොට කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම හා උනන්දු වීම. සර්වබලධාරී අල්ලාහ් නොහැකියාව හා හැකියාව මෙන්ම සෙසු සියලු දෑ තක්සේරු කර ඇත. ඔහුගේ පෙර දැනුම හා අභිමතය අනුව ම ඒවා මේ ‌විෂ්වයෙහි සිදු වේ.

හදීසයේ හරය

  1. කද්ර් හෙවත් පෙර නියමය සම්බන්ධයෙන් සහාබාවරුන්ගේ ප්‍රතිපත්තිය පැහැදිලි කිරීම.
  2. සෑම දෙයක්ම, හැකියාව හා නොහැකියාව පවා අල්ලාහ්ගේ පෙර නියමය අනුව සිදු වන්නේය.
  3. අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හදීසයක් සම්ප්‍රේෂණය කිරීමේ දී සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) තුළ තිබූ ප්‍රවේසම හා ස්ථාවරත්වය.
  4. යහපතක් වුව ද අයහපතක් වුව ද ඒ සියල්ල පෙර නියමය අනුව සිදුවන බව විශ්වාස කිරීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (65)
අමතර