عَنْ مَطَرِ بْنِ عُكَامِسٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِذَا قَضَى اللَّهُ لِعَبْدٍ أَنْ يَمُوتَ بِأَرْضٍ جَعَلَ لَهُ إِلَيْهَا حَاجَةً».

[صحيح] - [رواه الترمذي] - [سنن الترمذي: 2146]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව මතර් ඉබ්නු උකාමිස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"යම් භූමියක මිය යන්නට යම් ගැත්තෙකුට අල්ලාහ් තීන්දු කළ විට, ඒ වෙත යාමට අවශ්‍යතාවක් ඔහුට ඇති කරන්නේය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත] - [سنن الترمذي - 2146]

විවරණය

යම් ගැත්තෙකුට ඔහු එහි නොසිටින යම් භූමි භාගයක මිය යන්නට අල්ලාහ් තීන්දු කොට, නියම කළ විටෙක, ඒ වෙත අවශ්‍යතාවක් ඇති කර එහි යාමට ඉඩ සළසයි. පසු ව ඔහු එහි ඔහුගේ ප්‍රාණය අත්පත්කර ගනියි යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කරති.

හදීසයේ හරය

  1. මෙම හදීසය "තමන් කවර භූමියක මිය යන්නේ දැයි කිසිදු ආත්මයක් නොදනී" යන සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය තහවුරු කරන්නක් වේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (65)
අමතර