عن أبي مُوسَى عبد اللَّه بن قيس رضي الله عنه «أنّ رسول الله صلى الله عليه وسلم بَرِيءَ من الصَّالِقَةِ وَالحَالِقةِ وَالشَّاقَّةِ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ මූසා අබ්දුල්ලාහ් ඉබ්නු කයිස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මොර දී වැළපෙන්නාගෙන් ද හිස මුඩුගා වැළපෙන්නාගෙන් ද ඇඳුම් ඉරාගෙන වැළපෙන්නාගෙන් ද නිදහස් අයකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අල්ලාහ් ගත් හා පිරිනැමූ දෑහි පූර්ණ ප්රඥාව හා විචක්ෂණශීලී ක්රියාව සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ්ටම සතුය. කවරෙකු එහි පිටුපා එය වළක්වන්නේ ද එය අල්ලාහ්ගේ තීන්දුවට ඔහුගේ නියමයට පිටුපෑ අයකු මෙනි. එය යහපත හා ප්රඥාවේ මූලයයි. එමෙන්ම සාධාරණත්වයේ හා දැහැමි කමේ අත්තිවාරමයි. එබැවින් කවරෙකු අල්ලාහ්ගේ තීන්දුව ගැන වියරු වැටී කෝප වන්නේ ද ඔහු ප්රශංසනීය මාවතක මෙන්ම අපේක්ෂිත පිළිවෙතක නොමැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙනෙහි කළහ. එවිට ඔහු එම මාර්ගයෙන් හැරී තමන්ට නපුර අත් වූ විට වියරු වැටී බියට පත්වන්නන්ගේ දිශාවට යොමුවනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන් මෙලොව ජීවිතය සමග බැඳී සිටින්නන් වන බැවිණි. එමෙන්ම ඔවුන්ගේ ඉවසීම තුළින් ඔවුනට අත්වූ දුර්භාග්යය මත අල්ලාහ්ගේ කුසල් හා ඔහුගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් නොසිටිති. තම විශ්වාසය දුර්වල වූවන්ගෙන් එතුමා ඉවත් වූවෙකි. ඔවුන් වනාහි අඥාන යුගයේ සිරිත් ජීවමාන කරමින් මොර දීම, කණස්සල්ලට පත් වීම, විනාශය අයැදීම වැනි හදවතින් හෝ ප්රකාශයෙන් හට ගැනෙන වියරුව හෝ කෙස් ගැලවීම, ඇඳුම් ඉරා ගැනීම වැනි ක්රියාවෙන් හට ගැනෙන වියරුව වෙත ඔවුන් ඇද දමන තෙක් ඔවුනට අත් වූ ඉරණම දරාගත් නොහැකි විය. සැබැවින්ම එතුමාගේ සමීපතයින් වූයේ තමන්ට යම් දුර්භාග්යයක් ඇති වූ විට උත්තරීතර අල්ලාහ්ගේ තීන්දුවට යටත් වී ‘ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්’ (සැබැවින්ම අපි අල්ලාහ් වෙනුවෙන්ය. එමෙන්ම සැබැවින්ම අපි ඔහු වෙතම යොමුවන්නෝ වෙමු) යැයි පවසන්නෝ වෙති. ඔවුනට ඔවුන්ගේ පරමාධිපති වෙතින් වූ ආශිර්වාද හා කරුණාව ඇත්තෝ ඔවුහුමය. එමෙන්ම යහමග ලැබූවෝද ඔවුහුමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර