+ -

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«مَنْ يُرِدِ اللهُ بِهِ خَيْرًا يُصِبْ مِنْهُ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 5645]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"c2">“කවරෙකුට අල්ලාහ් යහපත පතන්නේ ද එයින් ඔහුව පරීක්ෂාවට ලක් කරනු ඇත.”

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

අල්ලාහ් තමා ව විශ්වාස කළ තම ගැත්තන් අතරින් කවරෙකුට යහපත පැතුවේ ද ඔහු ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ පවුල්වල පරීක්ෂණ ඇති කරනු ඇත. එවායිින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා ප්‍රාර්ථනා කරමින් උත්තරීතර අල්ලාහ් වෙත යොමුවීම, පාපකම්වලට සමාව ලැබීම හා නිලයන් උසස් වීම යනාදිය එමගින් ඔහු ලබනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية القيرقيزية النيبالية اليوروبا الليتوانية الدرية الصربية الصومالية الطاجيكية الكينياروندا الرومانية المجرية التشيكية المالاجاشية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. සැබැවින්ම දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා නොයෙකුත් පරීක්ෂණවලට භාජනය කරනු ලැබේ.
  2. පරීක්ෂණවලට භාජනය වීම, අල්ලාහ් තම ගැත්තා කෙරෙහි දක්වන ආදරයේ සලකුණක් විය හැකිය. අවසානයේ එය ඔහුගේ තරාතිරම ඉහළ නංවා, ඔහුගේ නිලය උසස් කර, ඔහුගේ පාපයන්ට සමාව දෙනු පිණිසය.
  3. විපත්ති සිදුවන අවස්ථාවලදී කලබල නොවී ඉවසීමෙන් කටයුතු කිරීමට දිරි ගැන්වීම.
අමතර