عن أبي هريرة رضي الله عنه مرفوعاً: «من قام ليلة القَدْر إيمَانا واحْتِسَابًا غُفِر له ما تَقدم من ذَنْبِه».
[صحيح] - [متفق عليه]
المزيــد ...
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු කද්ර් රාත්රියේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව රාත්රියේ නැමදුම්වල නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
කද්ර් රාත්රියේ නැමදුම් ඉටු කිරීමේ මහිමය සම්බන්ධයෙන් හා ඒ ගැන උනන්දු කරවමින් මෙම හදීසය පැමිණ ඇත. එබැවින් කවරෙකු කද්ර් රාත්රියට අනුගත වෙමින් ඒ ගැන හා එහි මහිමය ගැන සඳහන් කරුණු ගැන විශ්වාසයෙන් යුතු ව, ඔහුගේ ක්රියාව වෙනුවෙන් අල්ලාහ්ගේ තිළිණ බලාපොරොත්තුවෙන්, එමගින් ප්රදර්ශනයක් හෝ මුහුණිච්චාවක් අපේක්ෂා නොකර, චිත්ත පාරිශුද්ධියට හෝ කුසල් අපේක්ෂාවට විරුද්ධ වන වෙනත් යම් දෙයක් හෝ අපේක්ෂා නොකර, නැමදුම් ඉටු කරන්නේ ද ඔහුගේ සියලු කුඩා පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ. මහා පාපයන් වූ කලී, එය අල්ලාහ් සතු වගකීමක් සම්බන්ධයෙන් නම් නියම පාපක්ෂමාවක් සිදු කිරීම අවශ්ය වන්නේය. එය මිනිසා සතු වගකීමක් සම්බන්ධයෙන් නම්, එවිට අල්ලාහ්ගෙන් පාපක්ෂමාව පැතීමත් සමගම අදාළ පුද්ගලයාගේ වගකීමෙන් නිදහස් වීමත් අනිවාර්යය වේ.