عن عبد الله بن عمرو بن العاص رضي الله عنهما قال: مرَّ علينا رسول الله صلى الله عليه وسلم ونحن نُعالج خُصًّا لنا، فقال: «ما هذا؟» فقلنا: قد وَهَى، فنحن نُصلحه، فقال: «ما أرى الأمر إلا أَعْجَل من ذلك».
[صحيح] - [راوه أبو داود والترمذي وابن ماجه]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “අප වෙනුවෙන් ලී කොටවලින් නිවසක් අප තනමින් සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අප අසළින් ගමන් ගත්හ. එවිට එතුමා ‘මේ කුමක්ද?‘ යැයි විමසා සිටියහ. එවිට අපි ‘සැබැවින්ම මෙය ගරා වැටී ඇත. එහෙයින් අපි එය ප්රතිසංස්කරණය කරන්නෙමු.‘ යැයි පැවසුවෙමු. එවිට එතුමා ‘මීටත් වඩා ඉක්මණින් මරණය සිදුවනු මම දකිනු මිස නැත.‘ යැයි පැවසූහ.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

හදීසයේ තේරුම: සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණෝ අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හු තුමා අසළින් ගමන් ගත්හ. එවිට ඔහු ගරා වැටුණු තම නිවස ප්රතිසංස්කරණය කරමින්, එසේ නැතිනම් ශක්තිමත්ව ඉදි කරමින් සිටියහ. අබූ දාවූද් හි වාර්තාවක, “මා සතු බැම්මකට මැටි ගල්වමින් සිටියෙමි.“ එවිට එතුමා “මීටත් වඩා ඉක්මණින් මරණය සිදුවනු මම දකිනු මිස නැත.“ එනම් සැබැවින්ම ලී කොට භාවිතයෙන් ඔබේ නිවස ප්රතිසංස්කරණය කිරීමට මත්තෙන් ඊටත් වඩා සමීපයෙන් මරණය ඇත. ඇතැම් විට ඔබ මරණයට පත්වීමට පෙරාතුවම මෙය ගරා වැටෙන්නට පුළුවන. ඇතැම් විට මෙය ගරා වැටෙන්නට පෙරම ඔබ මරණයට පත්වන්නට පුළුවන. එහෙයින් ඔබේ නිවස ප්රතිසංස්කරණය කිරීමට වඩා ඔබේ මතුලොව ක්රියාවන් විධිමත් කර ගැනීම වඩාත් උචිතය. මෙහි මතුපිටින් පෙනෙනුයේ,සැබැවින්ම ඔහුගේ එම ගොඩනැගිල්ල ප්රතිසංස්කරණය කිරීමේ අවශ්යතාවක් නොතිබිණි, නමුත් එය ශක්තිමත් කිරීම හෝ තිබූ තත්ත්වයට වඩා අලංකාර කිරීමක් වූ බවය. එහෙයින් මෙලොව අවශ්ය නොමැති දෙයක නිරතවීමට වඩා මතුලොව කරුණු සඳහා නිරත වීම වඩාත් වැදගත් බව ඔහුට එතුමා පැහැදිලි කර සිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර