عن البراء بن عازب رضي الله عنه مرفوعاً: «المسلمُ إذا سُئِلَ في القَبْرِ يَشْهَدُ أَنْ لا إلهَ إلا اللهُ، وأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، فذلك قولُهُ تعالى: (يُثَبِّتُ اللهُ الذِينَ آمَنُوا بالقَوْلِ الثَّابِتِ في الحَيَاةِ الدُّنْيَا وفي الآخِرَةِ) [إبراهيم: 27]».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල් බරා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“මුස්ලිම්වරයා මිනීවල තුළ ප්රශ්න කරනු ලැබූ විට ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දරයි. උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය මෙසේය: “විශ්වාස කළවුන් ස්ථාවර ප්රකාශය තුළින් මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොවෙහි ද අල්ලාහ් තිරසාර කරනු ඇත.” (ඉබ්රාහීම්:27)
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

දේවත්වය විශ්වාස කරන්නා මිනීවල තුළ ප්රශ්න කරනු ලබයි. ඒ ගැන නියම කරන ලද මලක්වරුන් දෙදෙනෙක් ඒ ගැන විමසා සිටිති. සුනන් තිර්මිදි හි නම් කර ඇති පරිදි ඔවුන් දෙදෙනා නමින් මුන්කර් හා නකීර් වෙති. එවිට ඔහු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දරයි.’ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙය ඒ සම්බන්ධයෙන් අල්ලාහ් ප්රකාශ කර ඇති ස්ථාවර ප්රකාශය වේ යැයි පැවසූහ. එනම්: "c2">“විශ්වාස කළවුන් ස්ථාවර ප්රකාශය තුළින් මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොවෙහි ද අල්ලාහ් තිරසාර කරනු ඇත.” (ඉබ්රාහීම්:27)

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර