عن عبد الله بن عباس رضي الله عنهما قال: كنت خلف النبي صلى الله عليه وسلم يوماً فقال يا غلام، إني أعلمك كلمات: «احْفَظِ اللهَ يحفظْك، احفظ الله تَجِدْه تُجَاهَك، إذا سألت فاسأل الله، وإذا اسْتَعَنْتَ فاسْتَعِن بالله، واعلمْ أن الأمةَ لو اجتمعت على أن ينفعوك بشيء لم ينفعوك إلا بشيء قد كتبه الله لك، وإن اجتمعوا على أن يَضرُّوك بشيء لم يَضرُّوك إلا بشيء قد كتبه الله عليك، رفعت الأقلام وجفت الصحف». وفي رواية: «احفظ الله تَجِدْه أمامك، تَعرَّفْ إلى الله في الرَّخَاء يَعرِفْكَ في الشِّدة، واعلم أنَّ ما أخطأَكَ لم يَكُنْ ليُصِيبَكَ، وما أصَابَكَ لم يَكُنْ لِيُخْطِئَكَ، واعلم أن النصرَ مع الصبرِ، وأن الفرجَ مع الكَرْبِ، وأن مع العُسْرِ يُسْرًا».
[صحيح] - [رواه الترمذي وأحمد بروايتيه]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. දිනක් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පසුපසින් වාඩිවී (ගමනක් යමින්) සිටියෙමි. එවිට එතුමා මා අමතා: "c2">“දරුව, සැබැවින්ම මම ඔබට වචන කිහිපයක් උගන්වමි: ඔබ අල්ලාහ් ව ආරක්ෂා කරනු. ඔහු ඔබ ව ආරක්ෂා කරනු ඇත. ඔබ අල්ලාහ් ව ආරක්ෂා කරනු. ඔබ ඉදිරියේම ඔබ ඔහු දකිනු ඇත. ඔබ ඉල්ලන විට අල්ලාහ්ගෙන්ම ඉල්ලනු. ඔබ උදව් පතන විට අල්ලාහ්ගෙන්ම උදව් පතනු. දැනගනු: සැබැවින්ම මුළු සමූහයාම ඔබට යම් සෙතක් කිරීමට එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙත සලසන්නට නුපුළුවන. එමෙන්ම ඔබට යම් හානියක් කිරීම ඔවුන් ඒකරාශී වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හානි කරන්නට නුපුළුවන. පන්හිදවල් ඉවතට ගනු ලැබීය. පිටපත් සිඳී ගොස් ඇත.” තවත් වාර්තාවක සඳහන් පරිදි: "c2">“අල්ලාහ්ගේ කටයුතු ආරක්ෂා කරන්න. ඔබ ඉදිරියේම ඔබ ඔහුව දකිනු ඇත. සමෘද්ධිමත් අවදියේ අල්ලාහ් වෙත ඔබ ව හඳුන්වා දෙන්න. දුෂ්කර අවදියේ ඔහු ඔබ ව හඳුනා ගනු ඇත. සැබැවින්ම ඔබට වැරදුණු දෙයක් ඇත්නම් එය ඔබට හිමිවිය යුත්තක් නොවේ. ඔබට හිමි වූ දෙයක් ඇත් නම් ඔබට එය වැරදී යන්නක් නොවේ. යන බව දැන ගන්න. සැබැවින්ම උපකාරය ඉවසීම සමග ඇත. සැබැවින්ම සහනය පීඩාව සමග ඇත. දුෂ්කරත්වය සමග පහසුකම ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

මෙම මහඟු හදීසයේ එම දරුවාට (ඉබ්නු අබ්බාස්ගේ පුතණුවන්ට) වටිනා උපදෙස් මාළාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් ඉදිරිපත් කර ඇත. සෑම අවස්ථාවකම සෑම වේලාවකම අල්ලාහ්ගේ නියෝග හා ඔහුගේ තහනම් නියෝග පිළිපැදීම සම්බන්ධයෙන් වූ උපදෙස් මාළාවක් එහි ඇතුළත් වී ඇත. කුඩා අවදියේම ඔහුගේ ප්රතිපත්තිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුට විධිමත් කර දුන්නේය. එනම්, අල්ලාහ් හැර වෙනත් මැවුම්කරුවකු නැත. අල්ලාහ්ගෙන් තොරව කිසිදු බලධාරියෙකු නැත. අල්ලාහ් සමග කටයුතු සැලසුම් කරන්නෙකු නැත. ගැත්තා හා ඔහුගේ පරමාධිපති අතර මැදිහත් කරුවකු නැත. විශ්වාසය තැබීම හා ඉල්ලීම යනාදියෙහි භාරකරු ඔහු ය. ඔහු සුවිශුද්ධය අභාග්යයන් පහළ වන අවස්ථාවේ ඒවා යොමු කරනු ලබන්නාය. ඔහු සුවිශුද්ධය. යම් දඬුවමක් පහළ වන විට එය අපේක්ෂා කරනු ලබන්නාය. ඉබ්නු අබ්බාස්ගේ සිත තුළ අල්ලාහ්ගේ පෙර නියමය හා ඔහුගේ තීන්දුව පිළිබද විශ්වාසය පිහිටුවීය. සෑම දෙයක්ම හොද හෝ නරක හෝ වේවා සුවිශුද්ධයාණන්ගේ පෙර නියමය හා ඔහුගේ තීන්දුව අනුව සිදුවන්නකි. සැබැවින්ම ශුභාරංචිය ඔවුන් ප්රියකරන පරිදි ක්රියාත්මක වන අයුරින් ඔවුන්ගේ අතෙහි නැත. අල්ලාහ් එහි අනුමත කළ දෑ හැර වෙනත් දෙයක් ක්රියාත්මක වන්නේ ද නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. සත්වයා ශක්තිමත් නම් ඒ මත සිටින තවත් කෙනෙකු පසුපසින් වාඩි වී යෑමේ අවසරය.
  2. ක්රියාවක් කිරීමට පෙර ඒ ගැන දැන ගැනීමට ආශා කළ යුතු යැයි ද නොදන්නා දෙයක් වී නම් ඒ වෙත දැඩි කැමැත්තක් ඇති කරගනිමින් එය පිළිගත යුතු යැයි ද ගුරුවරයකු සිසුවකුට මෙනෙහි කිරීම.
  3. “දරුව, සැබැවින්ම මම ඔබට වචන කිහිපයක් උගන්වමි” යැයි පවසමින් තමන්ට පහළින් ඉන්නා අයට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැක් වූ මෛත්රිය.
  4. කුඩා වයසේදීම මෙම උපදෙසට සුදුසු අයකු ලෙස ඉබ්නු අබ්බාස් තුමා ව නබි තුමාණන් දැකීමෙන් ඔහුට හිමි වූ මහිමය.
  5. ප්රතිඵල පිහිටනුයේ අදාළ ක්රියාවේ වර්ගයට ආවේනිකවය.
  6. අල්ලාහ් මත ස්ථාවරව සිටීමේ නියෝගය, වෙනත් කෙනෙකු මත නොව ඔහු මත පමණක් භාර කිරීම. ඔහු භාරකරුවන් අතරින් යහපත් විය.
  7. සියලු මැවීම් සතු නොහැකියාව. ඔවුන්ගේ අවශ්යතා අල්ලාහ් වෙත පිහිටා ඇත්තේය.
  8. සැබැවින්ම මෙම ලෞකික ජීවිතය දුෂ්කරතාවන්ට ලක්විය හැකි බවත් ඒ මත ඉවසීමෙන් කටයුතු කිරීම අවශ්ය බවත් අවධාරණය කිරීම.
  9. පෙර නියමය හා තීන්දුව පිළිගැනීම.
  10. කවරෙකු අල්ලාහ්ව නැති කරන්නේ ද එනම් අල්ලාහ්ගේ දහම නැති කරන්නේ ද එවිට සැබැවින්ම අල්ලාහ් ඔහුව ද නැති කර දමනු ඇත. ඔහුව ආරක්ෂා නොකරනු ඇත.
  11. කවරෙකු අල්ලාහ්ව ආරක්ෂා කරන්නේ ද යහපත ඇති දෑ වෙත ඔහු ඔහුට පෙන්වා දී මග පෙන්වනු ඇත.
  12. සැබැවින්ම මිනිසාට දුෂ්කරතාවක් හට ගැණුනු විට ඔහු පහසුවක් බලාපොරොත්තු විය යුතු යැයි පැවසෙන අතිමහත් සුභාරංචිය.
  13. අභාග්යයක් හට ගැනුණු අවස්ථාවක හෝ වඩාත් කැමති දෙයක් අහිමි වූ අවස්ථාවක ප්රකාශයේ සඳහන් අදහස් දෙකින් එකක් මත රැඳී ගැත්තා සැනසුමට පත් වීම. එනම් “සැබැවින්ම ඔබට වැරදුණු දෙයක් ඇත්නම් එය ඔබට හිමිවිය යුත්තක් නොවේ. ඔබට හිමි වූ දෙයක් ඇත් නම් ඔබට එය වැරදී යන්නක් නොවේ.” මෙහි ඇති පළමු පාඨය පෙන්වා දෙනුයේ පිළිකුල් දෙයක් හට ගැනීමේදී සැනසුමට පත් වීමයි. දෙවන පාඨය පෙන්වා දෙනුයේ තමන් කැමති දෙයක් අහිමි වූ අවස්ථාවක සැනසුමට පත්වීමයි.
අමතර