عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ: بَلَغَ رَسُولَ اللهِ صلى الله عليه وسلم عَنْ أَصْحَابِهِ شَيْءٌ، فَخَطَبَ فَقَالَ:
«عُرِضَتْ عَلَيَّ الْجَنَّةُ وَالنَّارُ فَلَمْ أَرَ كَالْيَوْمِ فِي الْخَيْرِ وَالشَّرِّ، وَلَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلًا وَلَبَكَيْتُمْ كَثِيرًا» قَالَ: فَمَا أَتَى عَلَى أَصْحَابِ رَسُولِ اللهِ صلى الله عليه وسلم يَوْمٌ أَشَدُّ مِنْهُ، قَالَ: غَطَّوْا رُءُوسَهُمْ وَلَهُمْ خَنِينٌ، قَالَ: فَقَامَ عُمَرُ فَقَالَ: رَضِينَا بِاللهِ رَبًّا، وَبِالْإِسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ نَبِيًّا، قَالَ: فَقَامَ ذَاكَ الرَّجُلُ فَقَالَ: مَنْ أَبِي؟ قَالَ: «أَبُوكَ فُلَانٌ»، فَنَزَلَتْ: {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ} [المائدة: 101].
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2359]
المزيــد ...
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් හට එතුමාණන්ගේ මිතුරන්ගෙන් යම් කරුණක් පිළිබඳ දැන ගන්නට ලැබුණි. පසුව එතුමාණෝ මෙසේ පවසා සිටියහ:
"මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. යහපත හෝ අයහපත ඇති දිනයක් සේ මම එය නොදුටුවෙමි. මා දන්නා දෑ ඔබ සැම දන්නේ නම්, අඩුවෙන් සිනහ සී වැඩියෙන් හඬා වැළපෙනු ඇත." (වාර්තාකරු) මෙසේ පැවසීය. "මීට වඩා දරුණු දිනයක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරන් හට පැමිණ තිබුණේ නැත." තව දුරටත් මෙසේ පැවසීය. "ඔවුහු ඔවුන්ගේ හිස් ආවරණය කර ගත්හ. ඔවුන් කෙඳිරි ගාන්නට පටන් ගත්හ." තවදුරටත් මෙසේ පවසන ලදී. එවිට උමර් තුමා නැගිට මෙසේ පැවසූහ: "අපි අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයා ලෙසත් පිළිගෙන ඇත්තෙමු." එම මිනිසා නැගිට "මගේ පියා කවුදැ?"යි විමසා සිටියේය. "ඔබේ පියා මේ තැනැත්තා ය යැයි පැවසීය." පසුව "අහෝ විශ්වාස කළවුනි! ඔබට හෙළි වූ විට ඔබට නපුරක් වන කරුණු පිළිබඳ ඔබ විමසා නොසිටිනු" යන (සූරා අල්-මාඉදා: 101) පාඨය පහළ විය.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 2359]
අල්ලාහ්ගේ දූතයාණන් හට එතුමාණන්ගේ මිතුරන් සම්බන්ධව කරුණක් දැන ගන්නට ලැබිණ. එය ඔවුන් බොහේ දෑ ඉල්ලා සිටින බැවිනි. එවිට එතුමාණෝ කෝප වී දේශනාවක් ඉදිරිපත් කොට මෙසේ පවසා සිටියහ. "මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. ස්වර්ගයේ අද දින මා දුටු දෑට වඩා යහපතක් හෝ නිරයේ අද දින මා දුටු දෑට වඩා නපුරක් මම කිසිවිටෙකත් දැක නැත. අද දින මා දුටු දෑ ඔබ දුටුවෙහු නම්, මා දැනගත් දෑ ඔබ දැනගත්තෙහු නම්, මහත් සේ ඔබ අනුකම්පාවට පත්වනු ඇත. එය ඔබට අඩුවෙන් සිනහ සෙන්නටත් වැඩියෙන් අඬන්නටත් සළස්වනු ඇත. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: මීට වඩා දරුණු දිනයක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරන් හට පැමිණ තිබුණේ නැත. ඔවුහු ඔවුන්ගේ හිස් ආවරණය කර ගත්හ. දැඩි සේ හඬා වැළපීම හේතුවෙන් නාසයෙන් පිටවන කෙඳිරි ගාන හඬක් ඔවුන් තුළින් වෙන්නට විය. එවිට උමර් තුමා නැගිට මෙසේ පැවසූහ: "අපි අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයා ලෙසත් පිළිගෙන ඇත්තෙමු." තවදුරටත් මෙසේ පැවසීය. එම මිනිසා නැගිට "මගේ පියා කවුදැ?යි විමසා සිටියේය.
ඔහු "ඔබේ පියා මේ තැනැත්තා ය" යැයි පැවසීය. එවිට මෙසේ පහළ විය: "අහෝ විශ්වාස කළවුනි! ඔබට හෙළි වූ විට ඔබට නපුරක් වන කරුණු පිළිබඳ ඔබ විමසා නොසිටිනු" (අල්-මාඉදා: 101)