+ -

عن سهل بن سعد رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال:
«مَنْ يَضْمَنْ لِي مَا بَيْنَ لَحْيَيْهِ وَمَا بَيْنَ رِجْلَيْهِ أَضْمَنْ لَهُ الْجَنَّةَ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6474]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"කවරෙකු තම හකු දෙක අතර ඇති දේ සහ ඔහුගේ කකුල් දෙක අතර ඇති දේ සහතික කරන්නේ ද මම ඔහුට ස්වර්ගය සහතික කරමි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 6474]

විවරණය

මුස්ලිම්වරයකු පිළිපදින්නේ නම්, ස්වර්ගයට පිවිසිය හැකි කරුණු දෙකක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.
පළමුවැන්න: උත්තරීතර අල්ලාහ් උරණ වන කතාවෙන් දිව ආරක්ෂා කර ගැනීම.
දෙවන්න: දුරාචාරයේ වැටෙන ලිංගේන්ද්‍රීයන් ආරක්ෂා කිරීම.
සැබැවින්ම මෙම අවයව දෙක ‌බොහෝ සෙයින් පාපයට ඇද දමන අවයව දෙකකි.

හදීසයේ හරය

  1. දිව හා ලිංගේන්ද්‍රිය ආරක්ෂා කිරීම ස්වර්ගයට පිවිසීම සඳහා වූ මාර්ගයකි.
  2. විශේෂයෙන් දිව හා ලිංගෙන්ද්‍රිය සඳහන් කර ඇත්තේ: මෙලොව මෙන්ම මතුලොවෙහි මිනිසා පරීක්ෂාවට භාජනය ‌කෙරෙන මූලික ප්‍රධානතම කරුණු දෙකක් වන බැවිනි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri الأكانية الأوزبكية الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර