ප්‍රවර්ගය:

عَنْ أُمِّ المُؤْمِنِينَ أُمِّ عَبْدِ اللَّهِ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا، قَالَتْ: قَالَ: رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّم:
«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ فَهُوَ رَدٌّ». وَفِي رِوَايَةٍ لِمُسْلِمٍ: «مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ».

[صحيح] - [رواه البخاري ومسلم] - [الأربعون النووية: 5]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට මුඃමින්වරුන්ගේ මාතාවක වූ උම්මු අබ්දිල්ලාහ් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
"අපගේ කටයුතු අතරට එහි නොමැති නව කරුණු කවරෙකු විසින් ඇති කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه البخاري ومسلم] - [الأربعون النووية - 5]

විවරණය

කවරෙකු දහම තුළ අල් කුර්ආනය හෝ හදීසය හෝ පෙන්වා නොදුන් නව කටයුත්තක් හෝ ක්‍රියාවක් අලුතින් සිදු කළේ ද අල්ලාහ් ඉදිරියේ එය අදාළ පුද්ගලයාගෙන් පිළිගනු නොලබන අතර එය ප්‍රතික්ෂේප කරන ලැබේ.

හදීසයේ හරය

  1. නැමදුම් කටයුතු අල් කුර්ආනයේ හා හදීසයේ සඳහන් කරුණු මත පදනම් විය යුතුය. එහෙයින් ආගම්ගත කරන ලද කරුණු පිළිපදිමින් හැර උත්තරීතර අල්ලාහ්ට නැමදුම් නොකළ යුතුය. අලුතින් බිහි කරන ලද දෑ හෝ නව උත්පාදන හෝ වලංගු නොවේ.
  2. ඉස්ලාම් දහම පදනම් වී ඇත්තේ යම් මතයක් මත හෝ අනුමත කිරීමක් මත නොව, එහි පදමන වන්නේ රසූල් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කිරීමයි.
  3. මෙම හදීසය ආගමේ පරිපූර්ණත්වයට සාක්ෂියකි.
  4. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ මෙන්ම එතුමාණන්ගේ මිතුරන්ගේ කාලයේ ප්‍රතිපත්තිමය වශයෙන් හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ ආගමට හඳුන්වා නො දුන් සහ නො තිබූ සියල්ල මිථ්‍යාදෘෂ්ටික වේ.
  5. මෙම හදීසය ඉස්ලාමයේ මූල ධර්ම අතරින් වූ මූලික හදීසයකි. එය ක්‍රියාවන් සඳහා වන නිර්ණායකයක් මෙන් පිහිටයි. සර්ව බලධාරී අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා නොකරන සෑම ක්‍රියාවක්ම, එහි කිසිදු කුසලක් එය සිදු කරන්නාට නැත. එසේම, අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ දෑට අනුකූල නොවන සෑම ක්‍රියාවක්ම ප්‍රතික්ෂේප කරනු ලබන්නක් වේ.
  6. මෙම හදීසය නවෝත්පාදනයන් සහ නින්දිත පිළිවෙත් ප්‍රතික්ෂේප කිරීම සඳහා වන රීතියකි.
  7. තහනම් කරන ලද නව කරුණු යනු ආගමට සම්බන්ධ කරුණු මිස ලෝකයට සම්බන්ධ කරුණු නොවේ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الليتوانية الدرية الصربية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada الولوف Azeri الأوزبكية الأوكرانية الجورجية المقدونية الخميرية البامبارية البنجابية الماراثية الكيروندي
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර