عن عائشة رضي الله عنها قالت: قال رسول الله صلى الله عليه وسلم : "من أحدث في أمرنا هذا ما ليس منه فهو رد " وفي رواية " مَن عَمِلَ عملًا ليس عليه أمرُنا فهو رَدٌّ".
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. "c2">“කවරෙකු අපගේ කරුණක එහි නොමැති දෙයක් අලුතින් සිදු කරන්නේ ද එය ප්රතික්ෂේප කරනු ලැබූවකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ආගමික නීතිය ඒ සඳහා සාධක හෝ නීති රාමුව හෝ පෙන්වා නොදුන් පසුබිමක එයට අනුගත නොවූ සෑම ක්රියාවක්ම හා ප්රකාශයක්ම ආදාළ පුද්ගලයාගෙන් පිළිගනු නොලබන අතර එය ප්රතික්ෂේප කරන ලද්දක් වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ‘අපගේ කටයුත්තක් නොවන’ යන ප්රකාශය අනුව කටයුත්තක ඇතුළාන්තයේ ඇති දේ වෙනස් නොකර තීන්දු ලබා දෙන්නාගේ තීන්දුව විය යුතුයි. මින් අදහස් කරනුයේ ආගමික පිළිවෙතයි.
  2. දහම ගොඩ නැගී ඇත්තේ ආගමික පිළිවෙත මතය.
  3. අලුතින් යමක් දිගු කිරීම හෝ අපේක්ෂා කිරීම, පෙර නියමය හා පාපවලට සමාව ඇති බව ප්රතික්ෂේප කිරීම, අලුතින් යම් පිළිවෙතක් ඉටු කිරීම වැනි අලුතෙන් සිදු කරන ප්රතිපත්තිමය මෙන්ම ක්රිියාකාරී සියලුම කටයුතු අවලංගු වේ.
  4. සැබැවින්ම දහම ස්ව අදහසක් මත හෝ අනුමත කිරීමක් මත හෝ පදනම් ව නැත.
  5. පරිපූර්ණ දහම වෙත මග පෙන්වීම.
  6. ආගමික පිළිවෙතට අනුගත නොවූ අලුතින් බිහි වූ සියලු දෑ ප්රතික්ෂේප කිරීම. දෙවන වාර්තාවෙහි කටයුත්ත අදාළ පුද්ගලයා එය අලුතින් බිහි කළ ද පෙර පැවතිය ද ඒ සියලු ආකාරයේ නව කටයුතු අත හැරීම ගැන පැහැදිළි ව සඳහන් කර ඇත.
  7. තහනම් කරන ලද සියලුම ප්රතිපත්තිවල අවලංගුභාවය. ඒ මත පෙළ ගැසුණු ප්රතිඵල කිසිවක් නොලැබීම.
  8. තහනම් කරන ලද දෑ අවලංගුබාවය නියම කරනු ඇත. ඊට හේතුව තහනම් කරන ලද සියලුම දෑ ආගමික කටයුතු තුළ නොවන බැවිණි. එබැවින් එය ප්රතික්ෂේප කිරීම අනිවාර්ය වේ.
අමතර