عن أبي هريرة رضي الله عنه مرفوعًا: «مَن دَعَا إلى هُدى، كَان لَه مِنَ الأَجر مِثل أُجُور مَن تَبِعَه، لاَ يَنقُصُ ذلك مِن أُجُورِهِم شَيئًا، ومَنْ دَعَا إلى ضَلاَلَة، كان عَلَيه مِن الإِثْم مِثل آثَامِ مَن تَبِعَه، لاَ يَنقُصُ ذلك مِن آثَامِهِم شَيْئًا».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“කවරෙකු යහමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නැත. එමෙන්ම කවරෙකු නොමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා පාපය ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ පාපයෙන් කිසිවක් එය අඩු කරන්නේ ද නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

"c2">“කවරෙකු යහමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත” යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා සිටියේය. ‘කවරෙකු යහමග වෙත ඇරයුම් කරන්නේ ද ඔහු’ යන්නෙන් අහදස කරනුයේ යමක් ජනයාට පැහැදිලි කරමින් ඒ වෙත ඔවුන් ඇරයුම් කිරීමයි. උදාහරණ වශයෙන් සැබැවින්ම ලුහා සලාතයේ රකආත් දෙක නබි තුමාගේ චර්යාවකි. උදෑසන කාලයේ රකආත් දෙකක් සලාත් ඉටු කිරීම මිනිසාට අවශ්යය යැයි ජනයාට පැහැදිලි කළ පසුව ජනයා ඔහුව අනුගමනය කොට ඔවුන් එම ලුහා සලාතය ඉටු කරන්නන් බවට පත් වන්නෝය. ඒ අනුව ඔවුනට සතු කුසල් හා සමානයක් ඔවුන්ගේ කුසල්වලින් කිසිදු අඩුවක් නොකර ඔහුට හිමි වනු ඇත. ඊට හේතුව අල්ලාහ්ගේ භාග්යය අතිවිශාල බැවිණි. එසේ නැතහොත් ඔහුට මෙසේ පවසන්නාක් මෙනි. රාත්රියේ ඔබ ඉටු කරන සලාත් අතරින් අවසාන සලාතය විත්ර් බවට පත් කර ගන්න. රාත්රිය අවසාන භාගයේ නැගිට විත්ර් ඉටු කිරීමට අපේක්ෂා කරන්නෙකු මිස වෙනත් කිසිවකු විත්ර් ඉටු නොකර නින්දට නොයා යුතුය යැයි පැහැදිලි කර පසුව ජනයා එය ඉටු කිරීමේදී ඔහුව අනුගමනය කළේ නම් එවිට සැබැවින්ම ඔවුන්ගේ කුසල් හා සමාන කුසලක් ඔහුට හිමි වනු ඇත. එනම් ඔහුගේ අතින් අල්ලාහ් මගපෙන්වූ අයකු විත්ර් සිදු කරන සෑම අවස්ථාවකම එය හා සමාන කුසලක් ඔහුටද හිමි වන්නේය. සෙසු දැහැමි ක්රියාවන් ද එලෙසමය. තවද "c2">“එමෙන්ම කවරෙකු නොමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා පාපය ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ පාපයෙන් කිසිවක් එය අඩු කරන්නේ ද නැත.” යන සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ප්රකාශයෙන් අදහස් කරනුයේ, විනෝදය, නිශ්ඵල ක්රියා, සංගීතය, පොළිය හා එසේ තහනම් කරන ලද වෙනත් දෑ වෙත ජනයා ඇරයුම් කරන්නාක් මෙන් පව් බර ඇති යමක් වෙත කවරෙකු ඇරයුම් කළේද ඔහුගේ ඇරයුම තුළින් බලපෑමට ලක් වූ සෑම මිනිසෙකුටම අත්වන පව් බර හා සමාන ප්රතිවිපාකයක් ඔහුට ද සටහන් කරනු ලැබේ. ඊට හේතුව ඔහු ඔවුන් එම පාපය වෙත ඇරයුම් කළ බැවිණි. යහමග වෙත ඇරයුම් කිරීම හෝ පව වෙත ඇරයුම් කිරීම ‘ඔබ මෙසේ කරන්න. ඔබ එසේ කරන්න’ යැයි පවසනවාක් මෙන් කට වචනයෙන් විය හැක. විශේෂයෙන් ජනයා ඔහුව පිළිපදින අයුරින් ක්රියාවෙන් ද විය හැක. එසේ ඔහුව පිළිපැද පසුව යමක් සිදු කරනු ලැබුවේ නම් එය ඔහු එම ක්රියාවට ඇරයුම් කළාක් මෙනි. එය ඔවුන් ඔහුගේ ක්රියාව සාධකයක් ලෙස ගත් බැවිණි. එමෙන්ම ‘මෙය පුද්ගලයා සිදු කර තිබෙන බැවින් එය අනුමතය. ඔහු එය අතහැර ඇති බැවින් එය අනුමතය යැයි ඔවුහු පවසා සිටින බැවිණි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි දමිළ තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර