عَنْ سَلَمَةَ بْنِ الْأَكْوَعِ رضي الله عنه:
أَنَّ رَجُلًا أَكَلَ عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِشِمَالِهِ، فَقَالَ: «كُلْ بِيَمِينِكَ»، قَالَ: لَا أَسْتَطِيعُ، قَالَ: «لَا اسْتَطَعْتَ»، مَا مَنَعَهُ إِلَّا الْكِبْرُ، قَالَ: فَمَا رَفَعَهَا إِلَى فِيهِ.

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2021]
المزيــد ...

සලමා ඉබ්නු අල්-අක්වඃ (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ තම වමතින් අනුභව කළේය. එවිට එතුමාණෝ: ‘ඔබේ දකුණතින් අනුභව කරන්නැ’යි පැවසූහ. ඔහු: 'මට නොහැකි' යැයි පැවසීය. එතුමාණෝ ඔබට නොහැකි ම වේවා! යැයි පවසා, අහංකාරය මිස වෙනත් කිසිවක් ඔහු ඉන් වැළැක්වූයේ නැත' යැයි ප්‍රකාශ කළහ. පසුව ඔහුගේ කට වෙත එය ඔසවන්නට නො හැකි විය.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2021]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම වමතින් අනුභව කරන මිනිසෙකු දුටුහ. එවිට එතුමාණෝ දකුණතින් අනුභව කරන්නැ’යි ඔහුට අණ කළහ. එවිට එම මිනිසා අහංකාරයෙන් යුතුව බොරු තෙපලමින් 'ඒ සඳහා මට හැකියාවක් නැතැ’යි පිළිතුරු දුන්නේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දකුණතින් අනුභව කිරීම තහනම් වේවා යැයි ඔහුට ප්‍රාර්ථනා කළහ. ඔහු වමතින් අනුභව කළ හේතුවෙන් නබි තුමාණන් කළ ප්‍රාර්ථනාවට අල්ලාහ් ප්‍රතිචාර දැක්වීය. ඉන්පසු ව කිසිදු ආහාරයක් හෝ පානයක් ගන්නා විටෙක ඔහුගේ එම අත මුඛය වෙත ඔසවන්නට ඔහුට නො හැකි විය.

හදීසයේ හරය

  1. දකුණතින් අනුභව කළ යුතුය. වමතින් අනුභව කිරීම තහනම් වේ.
  2. ආගමික තීන්දු ක්‍රියාත්මක කිරීමේදී අහංකාරකම් පෑම එසේ සිදු කරන්නා හට දඬුවම උරුම කර දෙනු ඇත.
  3. ප්‍රාර්ථනාවට පිළිතුරු දෙමින් අල්ලාහ් තම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට උපකාර කිරීම.
  4. සෑම අවස්ථාවකම, ආහාර අනුභව කරන අවස්ථාවක දී පවා යහපත විධානය කොට අයහපතින් වැළැක්වීම ආගමානුගත කරනු ලැබීය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (56)
අමතර