+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ:
كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، إِذْ سَمِعَ وَجْبَةً، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «تَدْرُونَ مَا هَذَا؟» قَالَ: قُلْنَا: اللهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «هَذَا حَجَرٌ رُمِيَ بِهِ فِي النَّارِ مُنْذُ سَبْعِينَ خَرِيفًا، فَهُوَ يَهْوِي فِي النَّارِ الْآنَ حَتَّى انْتَهَى إِلَى قَعْرِهَا».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2844]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග සිටියෙමු. එවිට යමක් වැටෙන හඬක් ඇසිණ. එවිට එතුමාණෝ: ‘ඒ කුමක්දැයි නුඹලා දන්නෙහු ද?” යැයි විමසූහ. අපි: “මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්’ වේ යැයි පැවසුවෙමු. එතුමාණෝ: “මෙය වසර හැත්තෑවකට පෙර අපා ගින්නට විසිකරන ලද ගලකි. දැන් එය අපා ගින්නට එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන් දුන්නේ එය වැටෙන හඬට ය.” යැයි පැවසුහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2844]

විවරණය

ශරීරයක් බිම ඇඳ වැටුනාක් මෙන් කලබලකාරී හඬකට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සවන් දුන්හ. තමන් හමුවේ සිටින සහගාමීන්ගෙන් එම හඬ පිළිබඳ විමසා සිටියහ. එවිට ඔවුහු: "ඒ ගැන අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යයි පවසා සිටියෝ ය.
එවිට එතුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: "සැබැවින්ම ඔබ සවන් දුන් එම හඬ වසර හැත්තෑවකට පෙර අපා ගින්නට හෙළනු ලැබ, දැන් එහි පතුළට වැටුණු ගලකි. ඔබට දැන් ඇසුණේ එම හඩ ය."

හදීසයේ හරය

  1. ධාර්මික ක්‍රියාවන් ඉටු කිරීම තුළින් අවසන් දිනය සඳහා සූදානම් වීමට දිරි ගැන්වීම හා අපා ගින්න ගැන අනතුරු ඇඟවීම.
  2. මිනිසා නොදන්නා දැනුමක් වී නම්, එම දැනුම අල්ලාහ් වෙත ආරෝපණය කිරීමේ යෝග්‍යතාවය.
  3. ගුරුවරයකු යමක් පැහැදිලි කිරීමට පෙර ඒ ගැන උනන්දුව හා අවධානය අවදි කිරීම. එය වටහා ගැනීමට පහසු වනු ඇත.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الصربية Kinyarwanda الرومانية المجرية الموري Malagasy Kannada الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර