عَنْ عَبْدِ اللَّهِ بن مسعودٍ رضي الله عنه قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«إِنَّ مِنْ شِرَارِ النَّاسِ مَنْ تُدْرِكُهُ السَّاعَةُ وَهُمْ أَحْيَاءٌ، وَمَنْ يَتَّخِذُ الْقُبُورَ مَسَاجِدَ».
[حسن] - [رواه أحمد] - [مسند أحمد: 3844]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මිනිසුන් අතර වඩාත් දරුණු අය වනුයේ තමන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව ලබන තැනැත්තා හා මිනීවලවල් මස්ජිද් (යාඥා ඉටු කරන ස්ථාන) බවට ගන්නා තැනැත්තාය."
[حسن] - [رواه أحمد] - [مسند أحمد - 3844]
මිනිසුන් අතරින් නරකම අය වනුයේ ඔවුන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව පැමිණෙන්නේ ඔවුන් බවත් මිනීවලවල් මස්ජිද් (සලාත් ඉටු කරන ස්ථානය) බවට නියම කර ගනිමින් ඒ අබියස හා ඒ වෙත යාඥා කරන තැනැත්තා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.