عن عبد الله بن مسعود رضي الله عنه مرفوعاً: "إن من شرار الناس من تُدركهم الساعة وهم أحياء، والذين يتخذون القبور مساجد".
[حسن] - [رواه أحمد]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ජනයා අතරින් වඩාත් දුෂ්ට අය වනුයේ, අවසන් හෝරාව තමන් වෙත ළඟා වන විට ජීවත්ව සිටින්නෝය. එමෙන්ම මිනීවළවල් දේවස්ථාන බවට පත් කර ගන්නෝය.”
හසන් ගණයට අයත් හදීසයකි. - අහ්මද් එය වාර්තා කර ඇත.
අවසන් හෝරාව සිදුවන විට ජීවත්ව සිටින්නෝ ජනයා අතර වඩාත් නපුරුම පුද්ගලයින් බවත් ඒ අතරින් මිනීවළවල් අබියස සලාත් ඉටු කරන; ඒවා වෙත යොමු වී ඒවා මත සොහොන් කොත් ඉදිකරන්නන් ද සිටින බවත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දන්වා සිටියි. මෙය, මෙවන් දුෂ්ට මිනිසුන්ගේ ක්රියාව මෙන් මෙම ප්රාජාවේ නබිවරුන් හා ඔවුන්ගේ දැහැමියන්ගේ මිනීවළවල් සමග ඔවුන් කටයුතු කිරීම සම්බන්ධයෙන් වූ අවවාදයකි.