ප්‍රවර්ගය:
+ -


____

[] - []
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ අබ්දුර් රහ්මාන් අබ්දුල්ලාහ් ඉබ්නු උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු තුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه البخاري ومسلم] - [الأربعون النووية - 3]

විවරණය

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඉස්ලාම් දහමේ මූලිකාංග පහ සමාන කළේ ගොඩනැගිල්ලකට ආධාරක ලෙස පිහිටා ඇති කුළුණු පහකටය. ඉස්ලාමයේ ඉතිරි කරුණු ගොඩනැගිල්ල සම්පූර්ණ කරන්නක් වැනි ය. පළමු මූලිකාංගය වනුයේ: සාක්ෂියේ ප්‍රකාශ දෙකයි; එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බවට සාක්ෂි දැරීම හා සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවට සාක්ෂි දැරීමය. ඒ දෙකින් එකක් අනෙකෙන් වෙන් කළ නොහැකි ය. අල්ලාහ්ගේ ඒකීයත්වය හා නැමදුමට සුදුස්සා ඔහු පමණක් හැර වෙනත් කිසිවෙකු නැති බව පිළිගනිමින්, එය අපේක්ෂා කරන කරුණු ක්‍රියාවට නංවමින්, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පණිවිඩය විශ්වාස කරමින් හා ඔහුව අනුගමනය කරමින් ගැත්තෙකු මෙම වදන් දෙක ප්‍රකාශ කරයි. දෙවන මූලිකාංගය: සලාතය විධිමත්ව ස්ථාපිත කිරීමය. එනම් රාත්‍රියේ සහ දහවල් කාලයේ අනිවාර්යය කරන ලද ෆජ්ර්, ළුහර්, අසර්, මග්රිබ් සහ ඉෂා යන සලාත් වාර පහ ඒවායෙහි රීති, මූලිකාංග හා අනිවාර්යය දෑ පිළිපදිමින් ඉටු කිරීමය. තුන්වන මූලිකාංගය: නියම කරන ලද සකාත් නිකුත් කිරීමය. ආගමික නීතිය තුළ නියම කරන ලද නියමිත ප්‍රමාණය ලබා ඇති සෑම ධනයකම අනිවාර්යය කරන ලද මූල්‍යමය වශයෙන් ඉටු කරන නැමදුමකි. ඒවා නියමිත අය වෙත පිරිනමනු ලැබේ. සිව්වැනි මූලිකාංගය: හජ්, එනම් සර්ව බලධාරී අල්ලාහ්ට නැමදුම් වශයෙන් කෙරෙන වන්දනා කටයුතු ඉටු කිරීම සඳහා මක්කාව දෙසට පිය නැගීමය. පස්වන මූලිකාංගය: රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම, එනම් අල්ලාහ් වෙනුවෙන් සිදු කරන නැමදුමක් බවට අදිටන් කරමින්, අළුයම් කාලයේ සිට හිරු අවරට යන තෙක් කෑමෙන් බීමෙන් හා උපවාසය කඩ කරන අනෙකුත් ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමය.

හදීසයේ හරය

  1. සාක්ෂියේ ප්‍රකාශ දෙක වෙන් කළ නොහැකි බැවින්, එකක් අනෙකක් නොමැතිව වලංගු වන්නේ නැත. එබැවින් ඒ දෙක එක් මූලිකාංගයක් ලෙස නියම කර ඇත.
  2. සාක්ෂියේ මෙම ප්‍රකාශ දෙක දහමේ මූලික පදනමයි. මේ දෙකින් තොරව කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් හෝ පිළිගනු නො ලැබේ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri اليونانية الأكانية الأوزبكية الأوكرانية الجورجية اللينجالا المقدونية الخميرية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර