عن شقيق بن سلمة رحمه الله قال: كان ابن مسعود رضي الله عنه يُذَكِّرُنا في كل خميس، فقال له رجل: يا أبا عبد الرحمن، لَوَدِدْتُ أنك ذَكَّرْتَنا كل يوم، فقال: أما إنه يمنعني من ذلك أني أكره أن أُمِلَّكُم، وإني أَتَخَوَّلُكُم بالمَوْعِظَةِ، كما كان رسول الله صلى الله عليه وسلم يَتَخَوَّلُنَا بها مَخَافَةَ السَّآمَةِ علينا.
[صحيح] - [متفق عليه]
المزيــد ...

ෂකීක් ඉබ්නු සලමා -රහිමහුල්ලාහ්- තුමා විසින් වාර්තා කරන ලදී. ඉබ්නු මස්උෟද් -රළියල්ලාහු අන්හු- තුමා සෑම බ්රහස්පතින්දාවකම අපට උපදෙස් දෙන්නට විය.එවිට මිනිසෙකු ඔහු දෙස බලා අහෝ අබ්දුර් රහ්මාන් ඔබ සෑම දිනකම එසේ අපට උපදෙස් දෙන්නේ නම් එය මම ප්රිය කරමි යැයි පැවසුවේය. එවිට ඔහු: එය එයින් මා වළක්වනු ඇත. සැබැවින්ම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට මම පිළිකුල් කරමි තවද අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අපට දුෂ්කර වේවි යැයි බියෙන් එතුමා එසේ අප සමග කටයුතු කළාක් මෙන් සැබැවින්ම මම ද උපදෙස් දීමෙන් කටයුතු කරමි යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ෂකීක් ඉබ්නු සලමා -රහිමහුල්ලාහ්- තුමා මෙසේ දන්වා සිටියි. සැබැවින්ම ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා සෑම බ්රහස්පතින්දාවකම ඔවුනට උපදෙස් දෙන්නෙකු වූහ. එවිට මිනිසෙකු එතුමා දෙස බලා සෑම දිනකම ඔබ අපට උපදෙස් දීම අපි ප්රිය කරන්නෙමු යැයි පැවසීය. එවිට එතුමා සැබැවින්ම එයින් මා වළක්වාලීයේ ඔබ දුෂ්කරතාවට පත්වීම මා පිළිකුල් කරන බැවිනි. සැබැවින්ම මම ඔබට උපදෙස් දීම පුරුද්දක් බවට පත් කරමි. ඒ වෙත වූ ඔබලාගේ අවශ්යතාව නැතිවීමත් මා පිළිකුල් කරමි. අප සමග අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එසේ කටයුතු කර ඇත්තාහ. එය අප දුෂ්කරතාවට වැටෙන බියෙනි. එසේ දුෂ්කරතාවක් ඇති අවස්ථාවක උපදෙස බලපෑමක් නොකරනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර