عن أبي رِفَاعَةَ تَمِيم بن أُسَيدٍ رضي الله عنه قَالَ: انتهيتُ إلى رسولِ اللهِ صلى الله عليه وسلم وهو يَخطبُ، فَقُلتُ: يَا رسولَ اللهِ، رَجُلٌ غَريبٌ جاءَ يَسألُ عن دِينِهِ لا يَدرِي مَا دِينُهُ؟ فَأَقْبلَ عليَّ رسولُ اللهِ صلى الله عليه وسلم وتَرَكَ خُطبتَهُ حتى انتَهى إليَّ، فأُتِيَ بكُرسِيٍّ، فَقَعَدَ عليه، وجَعَلَ يُعَلِّمُنِي ممّا عَلَّمَهُ اللهُ، ثم أتى خُطبتَهُ فَأَتَمَّ آخِرَهَا.
[صحيح] - [رواه مسلم بزيادة: بكرسي حسبت قوائمه حديداً]
المزيــد ...

අබූ රිෆාඅ තමීම් ඉබ්නු උසෙය්දි-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- දේශනාවක් කරමින් සිටියදී එතුමා වෙත මම පැමිණ, අල්ලාහ්ගේ දූතයාණනි, තමන්ගේ දහම කුමක් දැයි තමන් නොදන්නා ආගන්තුක මිනිසෙකු තම දහම ගැන විමසනු පිණිස පැමිණ ඇත්තේය. යැයි පවසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තම කුත්බා දේශනාව අතහැර දමා මා සමීපයට පැමිණෙන තෙක්ම ඉදිරියට ආහ. පසුව පුටුවක් ගෙන එන ලදී. එතුමා ඒ මත වාඩි වී අල්ලාහ් එතුමාණන්ට උගන්වා සිටි දැයින් මට උගන්වන්නට පටන් ගත්හ. පසුව එතුමා නැවතත් එතුමාගේ කුත්බා දේශනාවට පැමිණ එහි අවසානය පූර්ණවත් කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙය අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ යටහත් පහත් බව පෙන්වා දෙන්නකි. එතුමා ජනයාට කුත්බා දේශනාවක් කරමින් සිටියදී එතුමා වෙත මිනිසෙකු පැමිණ, තම දහම පිළිබඳ දැනගන්නට ආගන්තුක මිනිසෙකු පැමිණ ඇති බව පවසා සිටියේය. එවිට ඔහු වෙතට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැමිණියහ. ඔහුගේ කටයුත්ත අවසන් වන තෙක්ම එතුමාගේ කුත්බා දේශනයෙන් වෙන්ව සිටියහ. හේතුව තම දහම පිළිබඳ දැනගෙන ඒ අනුව කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් එම පුද්ගලයා ආශාවෙන් හා දුෂ්කරත්වයෙන් යුතුව පැමිණි සිටි බැවිනි. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම කුත්බා දේශනාව විසන්ධි කොට ඔහු ඉදිරියට පැමිණ ඔහුට ඉගැන්වූහ. ඉන් පසුව එතුමාගේ කුත්බා දේශනාව සම්පූර්ණ කළහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර